අලි සබ්‍රි IMF ප්‍රධානියා හමුවෙයි. කඩිනම් මූල්‍ය සහායක් දෙන්නැයි ඉල්ලයි

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය හමුවී සාකච්ඡා කර තිබේ.

ඒ, ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන මූලස්ථානයේදීය.

එහිදී ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය සහායක් (RFI) ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීම් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි කඩිනම් මූල්‍ය සහාය ලබාදීම් තම මූල්‍ය සම්පාදන ක්‍රියාවලියේ සම්මත තත්වයෙන් බැහැර දෙයක් වන නමුත් තමන් ඒ පිළිබඳව ද සලකා බලන බවකි.

IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡා අද (19) සිට ලබන 24 වනදා දක්වා පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...