නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (24) පෙරවරු 4.00 සිට හෙට (25) පෙරවරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන අතර අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න යන පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

ඒ අනුව එම අනතුරු ඇඟවීම් වලංගු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වනුයේ

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, ඇල්පිටිය
ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල, මීරිගම
හම්බන්තොට දිස්ත්‍රික්කය – කටුවන, වලස්මුල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
මහනුවර දිස්ත්‍රික්කය – පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල දිස්ත්‍රික්කය – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
කළුතර දිස්ත්‍රික්කය – ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිට
රත්නපුර දිස්ත්‍රික්කය – කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...