පිංමාළු වලේ මාළු බෑවේ කවුද? – විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි (VIDEO)

Date:

බොරදියේ මාළු බාන්න එපා යැයි අගමැතිවරයා ඉල්ලා සිටියද වසර දෙකක් තිස්සේ පින් මාළු වලේ මාළු බෑවේ කවුදැයි මුළු රටම දන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (19) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආණ්ඩුව රටට සිදු කළ විනාශය අපේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව මරණ මංචකයට ගෙනගිය සාපරාධී අපරාධයක් බවත් ඊට ආණ්ඩුව සහමුලින්ම වගකිවයුතු නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩා වැටෙන තුරු උඩ බලාගෙන සිටි ආණ්ඩුව අද ජාත්‍යන්තරය ගැන කතා කිරීම අරුමයක් බවත්,වසර දෙකක් තිස්සේ නොකළ දෑ අද කිරීමට යාම විහිලුවක් බවද ප්‍රේමදාස මහතා පැවසුවේය.

ආණ්ඩුව පැමිණි සැනින් ගජ මිතුරන්ට කෝටිපතියන්ට බදු සහන දී රටේ ආර්ථිකය සුන්නත්දූලි කළේ වර්තමාන ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා,රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැති බවද පැවසීය.

පැලැස්තර විසඳුම්වලින් ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සිට සියලු සංශෝධන සිදු කළ යුතු බවත් ඉන් මෙපිට කිසිදු සංශෝධනයක් විපක්ෂය පිළි නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...