*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

අප්‍රේල් 20, වොෂින්ටන් LNW :

🎀කපටි නරියා ගෙන් අනුර දිසානායකට තෑගි…..?

🎀යකඩ කූරු මැදින් ඇහෙන කෙහෙළියගේ කෙදිරිලි හා සත්‍යය…..?

🎀ඒ ටී ආරියරත්න ඉගෙනගත් ගාල්ල මහින්දයේ පුදුම පංතිය…?

🎀ඇමෙරිකන් මහින්දගෙන් තානාපති සේවයට පූර්වා දර්ශ…..?

🎀ඇමෙරිකානු ප්‍රබල සමාගම් 20 ක් ලංකාවට….?

🎀ඇමති ෂෙහාන් හා ශ්‍රීලංකා වන්දනා නඩයට ඇමෙරිකාවෙන් ලකුණු….?

🎀මෙන්නෝ මාළිමාව විවාදය මග අරිනවෝ….?

🎀රතු මල්ලිලාගෙ කකුල් මාට්ටු මැදින් ගැලූ උමාඔය…..?

🎀රනිල්ගෙන් චමරිට රස රහසක්….?

          නුවරඑළි සීතලේ දරුවන් සමග අවුරුදු සැමරීම රනිල් – මෛත්‍රී යුවලගේ සිරිතය. ගිය ගමන් ලමා නිවාස වලට යැවූ දෑ ගැන ඔහු ඇසුවේ සාගල හා ෂවේන්ඳ්‍ර ගෙනි.

      අවුරුදු උත්සවයේ බනිස් කෑම නැරඔූ ජනපති ට අපූරු ප්‍රශ්නයක් යොමුවිය.

     “ඔබතුමා ඔච්චර ලස්සන වුණේ කොහොමද” නිවෙිදිකාව ඇසුවාය.

     “ඒ මම යූ ඇන් පී නිසා” කපටි නරියා කීවේ කට්ටිය බඩ අල්ලා සිනාසෙද්දීය.

         “ඒ කතාව ගැඔුරු දේශපාලනික එකක්.ජවිපෙ,පොහොටිටුවෙ ශ්‍රීලනිප අයගෙ මූණෙ ලේ නෑ.ඉරිසියාව කුහකකම දෝර ගලනවා. ඔවුන් ප්‍රියමනාප අඩු ඒකයි” නිධාරියෙකු කල විග්‍රහය එය විය.

     තෑගි දීමට වේදිකාවට ගිය ජනපති වීරවංශ පිළේ මන්ත්‍රී නිමල් පියතිස්ස දුටු විගස  වේදිකාවට කැදවීය. සයිකල් තරගය දිනුවේ “අනුර දිසානායක” නමැත්තෙකි.

     “ඔන්න අපි අනුර දිසානායකටත් තෑගි දුන්නා”  නරියා හඩ නැගුවේ සිනා මැදය.

     “සයිකල් අනුර දිනුවට මාළිමා අනුරට කප් එක හීනයක්” අයෙක් කීවේ සිනා මැදය.

     “මේ අවුරුද්දෙ හොදට කිරිබත් කෑවා. ඔබතුමා වසර 10 ක් හිටියොත් රට ගොඩ” පිරිස කීවේ සෙල්ෆි ගනිමිනි.

      “අපට ශාලාවක් ක්‍රීඩා පිටියක් නෑ” විදුහල්පති හිමි නමක් කීය.

    “මම ශාලාව හදන කොට හරීන් පිට්ටනිය හදාවි. නිමල් පියතිස්ස වැඩේ කොඩිනේට් කරාවි” ජනපති කීවේය.

      අසල නිවසකින් තේ බී නරියා වාහනයට නැග්ගේ මන්ත්‍රී පියතිස්ස ද රැගෙනය.එහිදී ඇඔරූ ගුලි ගැන දන්නේ නරියා පමණි.

      වාහන එපා කියමින් රනිල් “ප්‍රිකෝ ට්‍රේල්” මාර්ගය පයින් තරණය කළේ එය සොයාගත් කෙනා සමඟිනි. නිතිපතා ව්‍යායාම කරන නරියා සමඟ කදු තරණයෙන් බොහෝ දෙනෙකුට හති වැටිණ. ජනපති දුටු ගැමියන්ට අදහාගත නොහැකි විය. ඔවුහු නිවෙස් වල තිබූ පළතුරු හා විවිධ දේ පිළිගැන්වීය. ගමේ ගැටලු විසඳීමට ද ප්‍රතිඥා ලැබිණ.

     “පාලිත තෙවරප්පෙරුම කරන්ට් වැදිල නැතිවෙලා” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්නගෙන් ආ පණිවිඩයෙන් ජනපති තිගැස්සිණ.

      “අද නරක දවසක්. ඒ ටී ආරියරත්නත් නැතිවෙලා. තව විස්තර හොයල කියන්න” ජනපති දිනිත්ට කීවේය.

      “ඒ ටී ආරියරත්න ගාල්ලෙ මහින්දෙ හිටපු පංතිය පුදුම එකක්.නන්දදාස කෝදාගොඩ සිරි ගුණසිංහ විනී විතාරණ එඩ්වින් ආරියදාස ඇල්බට් එදිරිසිංහ ජනතාවට වේලාව දක්වන්නෝ විමලධර්ම බ්‍රදර්ස්ලගෙ ලොකු අයියා වෛද්‍ය විමලධර්ම හා ආචාර්ය මහාචාර්යවරු විසි ගණනක් ඒ පංතියෙ ඉදලා”ඇමෙරිකාවෙ වොෂින්ටන් සිට ජනපතිට ද සමීප මහින්දයේ ආදි සිසුවෙක් දැමු සටහනක් නිළධාරියෙක්  පෙන්වූවිට ජනපති ගේ ඇස් උඩ ගියේය.

     “ආරියරත්න රාජ්‍ය ගෞරව ලැබිය යුත්තෙක්” ජනපති තීන්දු කළේ ගලක් උඩ වාඩිගෙනය.

      “තෙවරප්පෙරුමට ඉටු වෙන්න ඔින සියල්ල කරන්න” රංගෙ බණ්ඩාරට කීවේය. රංගෙ සාගල වජිර එහි ගියේ ඒ අනුවය.

      “ලෝකෙ හොදම හෝටලේකට නුවරඑළි තැපැල් කන්තෝරුව දෙන්න හදන කොට විරුද්ධ වෙනවා” යයි කී ජනපති පසුබිම විස්තර කළේ පළාත් පාලන පිරිසකටය.

     “මේවා දන්නෙ නැති නිසයි මිනිස්සු විරුද්ධ වුණේ. හෝටලේ හදන්න. සර් තව 10 ක් පාළනය කළොත් රට ගොඩ”  ඔවුහු කීවෝය.

     නුවරඑළි හීතලේ ගුලි අඔරණ ගමන් නරි තෙමේ හුග දෙනෙකුට සූම් ඇමතුම් ද දුන්නේය.

      “ජවිපෙ – සජබ විවාදෙ ජවිපෙ මග අරිනවා. මාළිමාව වගේම සජබ ඇතුලෙත් මත අරගල. තව කොච්චර දුර යාවිද දන්නෙ නෑ” මනුෂ කීය.

      “පොහොට්ටුවෙන් දිනපු අධිකරණ ඇමති දැන් ශ්‍රීලනිප වෙලා ඉන්නෙ පොහොට්ටු අවසර මත ද” මහාචාර්ය ආශු ඇසුවේ සිනා මැදය.

      උමාඔය විවෘත කිරීමට ඉරාන ජනපති පැමිණීම ගැන ඊශ්‍රායලය විරුද්ධ බවට මත පළවිය.

    “එහෙම ප්‍රශ්නයක් නෑ. 2015 විවෘත කරන්න තිබුණ උමාඔය කල් ගියේ රතු මල්ලිල පොඩි ඒව අල්ලගෙන විරෝධය දාපු නිසයි. අපේ විදෙස් ප්‍රතිපත්තිය කවුරු එක්කත් වැඩ කිරීමයි. ඊශ්‍රායලය එක්ක වැඩ කරන ගමන් අපි ගාසා දරුවන්ට උදව් කලා. මැතිණි , ජේ ආර් යුග වල තිබුණ පිළිවෙත් අදත් තියෙන නිසා ලෝකයම අපට පක්ෂයි”රනිල් කීවේය.

     ලෝක වාර්තා තැබූ ක්‍රිකට් චමරිට කතාකල රනිල් ලොකු තෑග්ගක් ගැන රස රහසක් ද කීවේය. තවද ඔහු ආරියරත්න හා තෙවරප්පෙරුමට අවසන් ගෞරව දැක්වීය.

       ජනපති ළමා නිවාස දරුවන් හා අවුරුදු සමරද්දී ඇමෙරිකන් මහින්ද ද අලුත් වැඩක් කළේය. ඒ තානාපති කාර්යාලයේ සුළු සේවකයන් හා පවුල් නොමැතිව වෙසෙන නිළධාරීන් නිළ නිවසට කැදවා ඔවුන් සමග ඔහු ද එක මේසයේ අවුරුදු කෑමය.

       “ලංකාවෙ ජනපති අගමැතිලා ඇමතිලා ඇමෙරිකාවේ සෙනෙට් හා කොංග්‍රස්වරු ධවල මන්දිර ප්‍රධානීන් කනබොන මේ ඓතිහාසික මේසයේ අද අපට සංග්‍රහ කිරීම තානාපති සේවයටම ඔබතුමා දීපු පූර්වාදර්ශයක්” නිළධාරියෙක් කීය.

     “එම්බසියෙ උත්සව දවස් වල  රියදුරන්ට රෑ එම්බසි අය ඇරලවන එක තහනම් කරල අපටත් විනෝද වෙන්න ඉඩක්දීමත් වටිනම වැඩක්” රියදුරු මහතෙකු කීවේය.

      IMF වන්දනාවේ ආ ලංකා නඩය හා කතාබහ කිරීමට හා ආයෝජන අවස්ථා උදාකර ගැනීමට ඇමෙරිකාවේ ප්‍රබලම සමාගම් 20 ක් සූදානම් කළේ ඇමෙරිකන් මහින්ද පුමුඛ තානාපති නඩයය,ඇමති ෂෙහාන් එම සාකච්ඡා ඉතා ඉහළ මට්ටමින් මෙහෙවූ බව එම සමාගම් ඇමෙරිකන් මහින්දට වාර්තා කල විගස ඔහු ජනපතිද දැනුවත් කළේය.

     “ඇමති ෂෙහාන් වගේම මහබැංකු අධිපති ,මුදල් ලේකම්, විදේශ සම්පත් එකේ ප්‍රධානියාත් ඉතා දක්ෂ විදියට වැඩකලා” ඇමෙරිකන් මහින්ද  කීවේය.

                  මොන බලුකම් කලත් ලංකාවේ ඇමතිලා හිරේ ලගින්නේ නැත. එහෙත් කපටි නරියා තම කැබිනට්ටුවේ සිටි කීප දෙනෙක් පැන්නූ අයෙකි. කැබිනට් ඇමති කෙනෙක් හිරේ ගියේත් මුල් වරටය. ඒ කෙහෙළිය ය. මේවා සිදුවෙන්නේ කපටි නරියාගේ යුගයේ මිස වෙන එකෙකු යටතේ නොවේය. කෙහෙළිය බැලීමට ගිය ප්‍රබලයෙකු ජනපති සමීපතමයෙකුට කතා ගොඩක් කීවේය.

       “මේ බාල බෙහෙත් ගැන පැමිණිල්ල මුලින්ම දැම්මෙ කෙහෙළියයි. මේ බෙහෙත් වලට ගෙවන්න එපා කියල කෙහෙළිය ඕඩර් කරත් ගෙව්වෙ කාගේ ඔිනකමට ද. බෙහෙත හදපු කොම්පැණිකාරයා සල්ලි ගෙවපං නැතිනම් උඔ ඉවර කරනවා  කියල කෙහෙළියට තර්ජණ ලියුම් එවලා. කෙහෙළිය මගඩියට සම්බන්ධ නම් සල්ලි ගෙවපං කියල ඒ මිනිහා තර්ජණ දානවද” ඔහු කීය.

                “බෙහෙත ගත්න අවසරදීපු තාක්ෂණික කමිටුවෙ ප්‍රධානියා එළියේ. Dr සුදර්ශන කියල කමිටු සාමාජිකයෙක් ඇතුලේ.  බෙහෙතක් ගන්න කලින් පරීක්ෂා කරන NMRA එකේ විධායක බලය තිබූ කෙනා එළියෙ ඉදීමත් පුදුමයි” එහිදී කියවින.  නීති තීන්දු ගන්නා දෙපාර්තමේන්තුවක ඇතුලේ පසුගිය අරගලයෙන් පසු ඇතිවී තිබෙන බෙදීම් ගැන ද එහිදී කතාවී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan