වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?

Date:

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිළුම් අමුණුගම විසින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න යනු දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන අතර ඔහු උදෑසන පටන්ම බීමතින් පසුවන, අමානුෂික ගති පැවතුම් ඇති පුද්ගලයෙකු බවත් පොලිස් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී විරෝධතාකරුවන් රඹුක්කන ප්‍රදේශයෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය පැය 12කට අධික කාලයක් අවහිර කරගෙන සිටි අතර මෙය ප්‍රවාහනය සම්බන්ධ ප්‍රශ්නයක් වූ බැවින් කේ. බී. කීර්තිරත්න ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දිගින් දිගටම ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගමව අමතා විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් සඳහන්.

එහිදී ඉදිරි ප්‍රශ්නවලින් තමන්ව බේරාගන්නේ නම් තමන්ගේම ක්‍රමයකට මෙම දුම්රිය මාර්ගය විවෘත කරදිය හැකි බව ඇමතිවරයාට ප්‍රකාශ කර ඇති ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම අනුමැතිය ලබාගත් පසුව ඔහුගේම පිරිසක් ලවා ත්‍රීරෝද රථයකට ද ගිනිතබා විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට අවශ්‍ය පසුබිම සකස් කරගෙන ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එසේ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මියගිය අතර තවත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබිණි. ඒ අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතළ බවත් වාර්තා වී තිබිණි.

මේ සියල්ලෙන් පසුව මේ තොරතුරු අනාවරණය වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගමව අමතා මේ සම්බන්ධයෙන් ඉතාම දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”