ඩිල්ෂාන් මධුශංක තරගයේ වීරයා වෙයි.

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 20 කොළඹ LNW :

ශ්‍රී ලංකාව තව දුරටත් අපරාජිතව ඉදිරියට ඇඳෙමින් අබුඩාබි හී පැවත්වෙන අයර්ලන්ත,ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායම කඩුලු 6 න් පරාජය කරන්නට සමත් විය.පළමු තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ඇරයුම් කර පරාජයට පත් වූ අයර්ලන්තය මෙවරද කාසියේ වාසිය දිනුවේය.එහෙත් තීරණය පන්දුවට පහර දීම විය.

ආරම්භයේ සිටම ඩිල්ෂාන් මධුශංක ඇති කළ පීඩනය හමුවේ අන්ද මන්දව සිටි අයර්ලන්තය සමස්ත තරගයේදී ඔහුට ලකුණු 44 ට කඩුලු 4 ක් බිඳ දමමින් තරගයේ වීරයා ද විය.පළමු අවස්ථාවේදී මේ තරගාවලියේ කණ්ඩායමට පිවිසි මිලාන් රත්නායක ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගත්තේ පන්දු ඒවර් 7 ක් යවමින්ය.ඊටත් වඩා පිතිකරුවන් හොඳින් පාලනය කළ දුෂාන් හේමන්තගේ දඟ කැවීම ඉදිරියේ අයර්ලන්ත පිතිකරුවන් පන්දු ඕවර් 9 දී ලකුණු 24 ක් පමණක් ලැබුවේ කඩුලු 3 ක් ද අහිමි කර ගනිමින්ය.

ශ්‍රී ලංකා පන්දු යවන්න් ඇති කළ පීඩනය ඉදිරියේ නොසැලී අංක 5 පිතිකරු හැටියට පිටියට පිවිසි ක්‍රිස්ටෝපර් ඩි ප්‍රෙයිටාස් නොදැවී ලකුණු 67 ක් රැස් කරන්නට සමත් විය.ඔහු මොර්ගන් ටොෆින් (45) සමඟ ලකුණු 64 ක සබඳතාවයක් සිව්වන කඩුල්ල වෙනුවෙන් ඇති කිරීම අයර්ලන්ත ඉණිමේ සාර්ථකම සම්බන්ධය විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිතුරු ඉණිම අති ප්‍රවේගකාරී එකක් විය.ආරම්භක කඩුල්ලට ලසිත් කෘස්පුල්ලේ ලකුණු 53 ක් ලැබුවේ පන්දු 33 ක් පමණක් වැය කරමින්ය.ලකුණු 47 ක් රැස් කළ ලහිරු උදාර සහ ලසිත් පළමු කඩුල්ලට ලකුණු 107 ක සබඳතාවයක් ගොඩ නඟනු ලැබුවේ පන්දු ඕවර් 12.1 දී ය.අනතුරුව අංක 4 පිතිකරු ලෙස වගකීම පවරා ගත සධීර වේගවත්ව පන්දු 47 දී නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළ අතර සධීර මේ තරගාවලියේ දී සිය රිද්මයට නැවත පැමිණි බව පෙන්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සතුටුදායක ආරංචියකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...