ඩිල්ෂාන් මධුශංක තරගයේ වීරයා වෙයි.

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 20 කොළඹ LNW :

ශ්‍රී ලංකාව තව දුරටත් අපරාජිතව ඉදිරියට ඇඳෙමින් අබුඩාබි හී පැවත්වෙන අයර්ලන්ත,ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායම කඩුලු 6 න් පරාජය කරන්නට සමත් විය.පළමු තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ඇරයුම් කර පරාජයට පත් වූ අයර්ලන්තය මෙවරද කාසියේ වාසිය දිනුවේය.එහෙත් තීරණය පන්දුවට පහර දීම විය.

ආරම්භයේ සිටම ඩිල්ෂාන් මධුශංක ඇති කළ පීඩනය හමුවේ අන්ද මන්දව සිටි අයර්ලන්තය සමස්ත තරගයේදී ඔහුට ලකුණු 44 ට කඩුලු 4 ක් බිඳ දමමින් තරගයේ වීරයා ද විය.පළමු අවස්ථාවේදී මේ තරගාවලියේ කණ්ඩායමට පිවිසි මිලාන් රත්නායක ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගත්තේ පන්දු ඒවර් 7 ක් යවමින්ය.ඊටත් වඩා පිතිකරුවන් හොඳින් පාලනය කළ දුෂාන් හේමන්තගේ දඟ කැවීම ඉදිරියේ අයර්ලන්ත පිතිකරුවන් පන්දු ඕවර් 9 දී ලකුණු 24 ක් පමණක් ලැබුවේ කඩුලු 3 ක් ද අහිමි කර ගනිමින්ය.

ශ්‍රී ලංකා පන්දු යවන්න් ඇති කළ පීඩනය ඉදිරියේ නොසැලී අංක 5 පිතිකරු හැටියට පිටියට පිවිසි ක්‍රිස්ටෝපර් ඩි ප්‍රෙයිටාස් නොදැවී ලකුණු 67 ක් රැස් කරන්නට සමත් විය.ඔහු මොර්ගන් ටොෆින් (45) සමඟ ලකුණු 64 ක සබඳතාවයක් සිව්වන කඩුල්ල වෙනුවෙන් ඇති කිරීම අයර්ලන්ත ඉණිමේ සාර්ථකම සම්බන්ධය විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිතුරු ඉණිම අති ප්‍රවේගකාරී එකක් විය.ආරම්භක කඩුල්ලට ලසිත් කෘස්පුල්ලේ ලකුණු 53 ක් ලැබුවේ පන්දු 33 ක් පමණක් වැය කරමින්ය.ලකුණු 47 ක් රැස් කළ ලහිරු උදාර සහ ලසිත් පළමු කඩුල්ලට ලකුණු 107 ක සබඳතාවයක් ගොඩ නඟනු ලැබුවේ පන්දු ඕවර් 12.1 දී ය.අනතුරුව අංක 4 පිතිකරු ලෙස වගකීම පවරා ගත සධීර වේගවත්ව පන්දු 47 දී නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළ අතර සධීර මේ තරගාවලියේ දී සිය රිද්මයට නැවත පැමිණි බව පෙන්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සතුටුදායක ආරංචියකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...