දළදා ප්‍රදර්ශනයත් කැලණියේ නයි සෙල්ලම වගේ කරගෙන!

Date:

කොළඹ LNW:ඇතැම් මාධ්‍යවේදීන් ඇතැම් මාධ්‍ය නාලිකා හරහා දළදා ප්‍රදර්ශනය කැලණි විහාරයේ නයි පෙන්වන සෙල්ලම වැනි දේශපාලන සෙල්ලමකට පරිවර්තනය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහජන බදු මුදල් පක්ෂයක පැවැත්ම වෙනුවෙන් යෙදවීම රාජ්‍ය බලය අවභාවිත කරන්නකි යන මැයෙන් කඩුවෙල නගර සභාව ඉදිරිපස එක්සත් ජනරජ පෙරමුණෙන් තරග වදින නගර සභා අපේක්ෂකයින් නිහඬ විරෝධතාවක් පවත්වා තිබුණු අතර ඊට එක්වුණු පාඨලී චම්පික රණවක මහතා දළදා දැක්ම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ දළදාව ප්‍රදර්ශනය කිරීම බෞද්ධයින් හැටියට අගය කළ යුතු වුවත්, ඒ හරහා ජනාධිපතිවරයා ඇතුළු මාලිමාවේ පිරිස අයථා ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම නුසුදුසු බවයි.

“දළදාව ප්‍රදර්ශනය කිරීම බෞද්ධයෝ හැටියට අපි ඉතා ම අගය කරන්න ඕන දෙයක්. මේ රටේ බෞද්ධ ජනතාවගේ ඒ උරුමය. හැබැයි අපි කනගාටු වෙනවා, ඇතැම් අය ඇතැම් මාධ්‍යවේදීන්, ඇතැම් මාධ්‍ය නාලිකා හරහා මේකත් කැලණි විහාරයේ නයි පෙන්වන සෙල්ලම වගේ දේශපාලන සෙල්ලමක් බවට පරිවර්තනය කිරීම ගැන. මේ හරහා අනුර කුමාර දිසානායක මහත්තයාට පින් අනුමෝදනා කර වීමේ ක්‍රියාවලියක් බවට මේක පත් කිරීම ගැන. මොකද මේ දළදා මාලිගාවට 1988 දි ප්‍රහාරයකුත් එල්ල කළා. දළදා මාලිගාව අල්ල දළදාව අල්ල ගෙන රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් කළා, ජනතා විමුක්ති පෙරමුණ, ඒවා මේ රටේ මිනිසුන්ට අමතක නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම මේකට මැදිහත් වෙලා මේ මාධ්‍ය පාලනය කළ යුතුයි. මේ හරහා අයථා ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම ජනාධිපතිවරයා ඇතුළු මාලිමාවේ අය.” යනුවෙන් රණවක මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...