*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලංකාව වටේම දැන් බැඩිමින්ටන් – ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 21, කොළඹ (LNW): “ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි යොමුවන්නන් මෙන්ම ක්‍රීඩා කරන්නන්ගේ ප්‍රමාණය පස් හය ගුණයකින් වැඩි වෙලා.ලංකාව වටේම දැන් බැඩ්මින්ටන් තියෙනවා”


ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිලවා පවසන්නේ දැඩි සතුටකින්ය.එසේ සතුටු වෙන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සතු අයිතිය කවරක්ද යන්න අප ඔහුගෙන්ම විමසා සිටියෙමු.ඒ මේ වන විටත් ඉලක්ක සහගත ගමණක ප්‍රතිපල ලෙස විරේන් නෙත්තසිංහගේ ඔලිමිපික් සුදුසුකම අත් විඳිමින් සිටන මොහොතකය.


“බැඩිමින්ටන් යහපත් සෞඛ්‍ය පවත්වාගෙන යන්න වැදගත් කියලා ලෝකයම පිළිගන්න ක්‍රීඩාවක්.මේ තත්ත්වය දැනගෙන අපි බාලම පුරවැසියාගෙ සිට වැඩිහිටි පුරවැසියන් දක්වා හැම ජාතික මට්ටමේ තරගාවලියකම වගේ ඉසව් ඇතුළත් කරා.තරගකාරී මට්ටමක් තියෙන නිසා මේකට හුඟක් අය නිරන්තරයෙන් හුරු වෙලා ක්‍රීඩා කරන්න පටන් ගත්තා.”


රොහාන් පවසන්නේ ක්‍රීඩාවට පිරිස යොමු වීමට බල පෑ තරගකාරී වටපිටාවය.සැබවින්ම මේ වටපිටාව නිසා කුඩා කාලෙයේ ක්‍රීඩාවට ආදරය කළ ද නොයෙකුත් හේතුන් නිසා එයට දැඩිව යොමු වෙන්නට නොහැකි වූ පිරිස තමන්ගේ අතීත ස්මරණ සමඟ ක්‍රීඩාවට පිවිසෙමින් ඇත.එසේම තරුණ සිසු අවදියේ ක්‍රීඩා කර පසුව විවිධ හේතු නිසා ඉවත්ව සිටි අයට ද සිය තාරුණ්‍ය සමග ගැවසුණු ක්‍රියාතාරීත්වය වෙත යොමු වෙන්නට මාර්ගය සැකසී ඇත.මේ නිසාම යම් ආකාරයක ව්‍යාපාරික වශයෙන් ප්‍රවේශයක් ද බැඩිමින්ටන් ක්‍රීඩාව කෙරෙහි යොමු වෙමින් ඇති අතර කොළඹ පමණක් නොව ලංකාවේ විවිධ ප්‍රදේශවල බැඩිමින්ටන් ගෘහස්ථ පිටි පවත්වාගෙන යාමට පෙළඹී ඇත.
“සමහර විට කාර්යාල වේලාවන්,පාසල් වේලාවන් නිමාවේ පුහුණු වෙන්න ගියහම කෝර්ට් එකක් හොයා ගන්න නැහැ.ඒ තරමට බැඩිමින්ටන් තියෙනවා”
රෙහාන් පවසන්නේ පුරවැසි එළඹුම ගැනය.


ඒ වගේම තමයි අපි යම් ආකාරයකට අනුග්‍රහයකයන් සොයා දීලා,සංගමයෙන් ද දායකත්වය දීලා රට පුරාම පළාත් සංගම්,දිස්ත්‍රික් සංගම් ඒ වගේම වෙළද සේවා වගෙ බැඩිමින්ටන් සම්මේලනයෙ ඉන්න සංගම්වලට ජාතික මට්ටමේ ටූනමන්ට කරන්න අපි අවස්ථාව දීලා තියෙනවා.ක්‍රීඩාවේ සහභාගීත්වය වැඩි වෙනව වගේම මේ තත්ත්වය නිසා ගුණාත්මකව දක්ෂයෝ වැඩි වෙමින් තිබෙනවා.දක්ෂයො නිර්මාණය කරන්න පුළුවන් පුහුණු දැණුම අපි රට වටේම එක එක මට්ටමෙන් ක්‍රමාණුකූලව ව්‍යාප්ත කරමින් ඉන්නවා”
රෙහාන් පවසන ආකාරයට අද යාපනයේ සිට මාතර දක්වාම බැඩිමින්ටන් ඇත.දක්ෂයන් නිර්මාණය වෙමින් ඇත.එවැනි ක්‍රීඩාවක නියැලෙන්නට නොහැකි වූ පසුබිමක් සහිත ඉතිහාසයක් පසු කළ මව්වරු පියවරු තමන්ගෙ ශරීරය තුළ සිටිය ක්‍රියාවට නංවන්නට නොහැකි වූ ආශාවන් පුබුදුවා සිය දරුවන්ගේ සිරුරු තුළ තැන්පත් කර ප්‍රයෝජනයට නොගත් තමන්ගේ ජානවල ශක්තිය අලුත් පරම්පරාව හරහා මෙහෙයවන්නට බලමින් සිටින්නේය.මේ අනුව දැනට දිස්ත්‍රික් මට්ටමෙන් ආරම්භ කර ඇති අවුරුදු 13 න් පහළ පුහුණු සංචිතවල සිටින පාසල් දරුවන්ට ඒ දිස්ත්‍රික් සංගම්වල සහව ද ඇතුව විශාල කාලයක් ධනයක් වැය කරමින් කරගෙන යන පුහුණු සංචිත ඉදිරියේ වයසෙන් වයසට ඉහළ යමින් ගොඩ නැඟෙනු ඇත.එවිට දක්ෂයා මුල සිටම හඹා ඒමේ අධික්ෂණය ක්‍රියාවට නැඟෙනු ඇත.හඳුනාගැනිමේ වැඩ සටහන ක්‍රමිකව දක්ෂයා බේරා ඉදිරියට ගෙන එනු ඇත.


“හැබැයි ඉතිං අපිට ලෝකෙ මට්ටමට එන්න හොඳ ජාත්‍යන්තර මට්ටමේ බැඩිමන්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයක් අවශ්‍යය කරනවා.අඩුම ගාණෙ කොර්ට් 10 ක් විතර තියෙන.අපි මේ අවුරුද්දෙ ඉන්ටර්නැෂනල් එකක් පටන් ගත්තා.තව අපට එහෙම දේවල් කරන්න පුළුවන් වගේම එවැනි බිමක අත්දැකීම් අපේ වැඩි පිරිසකට එකවර ලබා දෙන්නත් පුළුවන් එහෙම තැනක් තියෙනවනම්.අපි බලමු.ක්‍රීඩා අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.අපි දෙගොල්ලම මේ වැඩේ ගැන උනන්දුවෙන් ඉන්නවා.විරෙන්ගේ ගමණට වුණත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත් වෙලා අමාත්‍යවරයාට කරුණු පෙන්නුවම එතුමා බොහොම කැමත්තෙන් අන්තිම මාස හය විරෙන්ගේ ගුවන් ගමන් ගැන වගකීම අමාත්‍යංශයට පවරා ගත්තා.ඒ තරගාවලිවලට යන් බැරි ආර්ථික හිරවිමක් ආවනම් විරෙන්ට් මේ සුදුසුකම් ලැබීමේ ලකුණු නො’එන්නත් තිබුණා.ඒ නිසා ඇමතිවරයාට සහ අමාත්‍යංශයටත් මේ තේරිමේ ගෞරවය බෙදෙන්න ඕනි.අපිත් අපි උදව් අරගත්තා විතරක නෙමෙයි ප්‍රතිපලත් පෙන්නපු නිසා ඇමතිතුමා දැන් වැඩි අවධානයකින් අපේ ඉල්ලීම බලයි.”
රොහාන් වැඩි දුරටත් පවසන්නේ “
මේ වගකීමේ දී තැනක් හොයා දුන්නම අපි ඒකෙ බර සම්පූර්ණයෙන් අමාත්‍යංශය මත පටවලා ඉන්නෙ නැහැ.අපිත් දායක වෙනවා.අමාත්‍යංශයටත් මේක වැදගත්.අපි නොහිටියත් මේක රටට තියෙනවා” යනුවෙන්ය.


විරෙන්ගේ තේරීම අහම්භයක් නොවේය.රොහාන් පවසන ආකාරයට අවුරුදු 25 ට අඩු දීර්ඝ ගමණක් යා හැකි අනාගතයක් පෙනෙන සිව්දෙනෙක් ඔවුන් සංචිතගත කරමින් උදේ හවස පුහුණුවට යොමු කර ඇත.අද එම දෙදෙනාගෙන් විරේන් සහ දුමිදු විශේෂිතයන් ලෙස ඉතුරුව ඇති අතර විරෙන් ඒ අතරින් ද කැපී පෙනෙන ලෙස වර්ධනයක් අත් කරගෙන ඇත.
“විරෙන්ට 20 යි.ඒ කියන්නෙ පහසුවෙන් ඔහුගේ හොඳම කාලෙ තව ඔලිම්පික් දෙකක් එනවමයි.ඉතිං අපට අදටත් වඩා හෙටට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් හැඳෙන්න ඉඩ තියෙනවා.”
සැළසුම්වල අනාගතය දැකීම පිළිබඳව රොහාන් පවසන්නේය.


“ඉන්දුනීසියා පුහුණුකරුවෙක් වගේම යුක්තිත් ඔහුගේ සහයට හසිත චානකත් යොදවා තමයි මේ ප්‍රධාන කණ්ඩායම පුහුණුවීම් කළේ.ඒක හරි වැදගත් වුණා.ඒ වගෙම රනිත්මා කියන්නෙත් ලොකු අනාගතයක් පේන ක්‍රීඩිකාවක්.එයාව බලන්න පුහුණුකරුවො වගෙම ඉන්දුනීසියාවේ හොඳ මට්ටමෙ ඉන්න තරුණ ක්‍රීඩකයො දෙන්නෙක් යොදවලා තියෙනවා තරගකාරී මට්ටමෙන් දක්ෂතා වර්ධනය කර ගන්න.රනිත්මා ලියන්ගේ මෑත කාලයේ මීහ්‍ර යුගල සූරතාත් දිනන්නෙ ඒ එක ක්‍රීඩකයෙක් සමඟ.”


රොහාන් කියන හැටියට හෙට පැහැදිළිය.හොඳ තරුණ සම්පත් ප්‍රමාණයක් රටේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් ඉතිරිව ඇත.එවැනිම පරිපාලනයක් ද මේ පසුපස නිරන්තරයෙන් තිබිය යුතුය.යන ගමනට යම් යම් දේ එකතු වෙනු හැර මෙය වෙනස් නොකළ යුතු ගමණකි.විරෙන්ට පමණක් නොව ශ්‍රී ලංකා බැඩිමින්ටන් මේ මොහොතේ දකින අනාගතය ද යහපත් වේවා යැයි අපි පතමු.එහෙත් යම් තැනක අපට දැනෙන ධනාත්මක විවේචනද ඊට එකතු වෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan