*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රජයේ අමනෝඥ තීන්දුවක් නිසා දියුණුවන සංචාරක කර්මාන්තයටත් කණ කොකා හඬයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට ක්‍රම-ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බවත් සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ඇති බවත් මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා රෙඩ් වින්ග්ස් කියන ගුවන්යානය හරහා රුසියාවෙන් අප රටට සතියකට 800ක් පමණ සංචාරකයන් පැමිණිමට නියමිතව තිබුණත් එය ද මේ වන විට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බවත් තායිලන්තය, කැම්බෝඩියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කරන බවත් මෙය අමනෝඥ තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අලුත් ක්‍රමය නිසා අනවශ්‍ය ප්‍රශ්න ගොඩයි

එසේම ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඔටොමේෂන් ක්‍රමයෙන් බැහැර වී වී.එෆ්.එස්. ග්ලෝබල් වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා වීසා ලබා ගැනීමේ වැඩපිළිවෙළ අකාර්යක්ෂම වී ඇති බවත් පහසුවෙන් වීසා ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර අලුත් ක්‍රමය තුළ අනවශ්‍ය ප්‍රශ්නත් ඇති කර ඇති බවත් මේ තත්ත්වය තුළ දින 30 වීසා එකට පවා අවස්ථාව අහිමි වී ඇති බවත් ඒ නිසා දීර්ඝ කාලයක් සිටීමට ලබා දෙන වීසා සමහර විදේශිකයන් උපයෝගී කර ගෙන මෙරට කූඨ ව්‍යාපාර රැකියා කර බවත් පොලි රහිත ඔන්ලයින් ණය ලබා දී එය මාෆියාවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අත්තනෝමතික අමනෝඥ තීන්දු තීරණ ගැනීම තුළ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වරුවන් කළකිරිමට ලක්ව ඇති බවත් මේ ගැන කිසිදු කතාවක් නොකර මෙවැනි වැඩි කිරීමක් තුළ රටේ සංචාරක කර්මාන්තය කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිංහල පමණයි දමිළ පමණයි කියන්නේ රටේ දරුවන් ගැන හිතලා නොවේ

අප රටේ භාෂාව මුල් කර ගෙන විවිධ පාලකයෝ සහ දේශපාලනඥයෝ ඡන්ද එකතු කරන බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන අය මෙම ප්‍රතිපත්තියේ සිටින්නේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ අනාගතය ගැන සිතා නොව තමන්ගේ අනාගතය ගැන සිතා බවත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාවලට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ බෙදීම නැති කළ යුතුයි

ප්‍රභූ පන්තිය සහ පහළ පන්තිය ලෙස සමාජයේ බෙදීමක් ඇතිව තිබෙන බවත් ආර්ථික බෙදීම හා බංකොලොත්භාවයට අමතරව නැති බැරි ඇති හැකි බෙදීමක් අධ්‍යාපනයේත් නිර්මාණය වී ඇති බවත් අධ්‍යාපනයේ ගැටලුවලට ඇති එකම විසඳුම සිංහල හෝ දමිළ පමණයි කියන එක නොව මව් භාෂා දැනුම සමඟ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කතා කියන විට මම විජාතිකයි කියා පහර ගැසිය හැකි නිසා මේ කාඩ්බෝඩ් බොරු දේශප්‍රේමීත්වයට රූකඩ ජාති ආලයට නොරැවටෙන ලෙසයි.

දේශපාලනඥයෝ නිසා තමයි පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ

තමාට පාසලේ දේශපාලනය කතා කරනවා කියා චෝදනාවක් එල්ල වන බවත් දේශපාලනය නිසා මේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් නොලැබීම සහ රජයේ පාසල් සම්පත්වලින් හිඟවීම සිදුවන බවත්, එකම පාසලේ දරුවන්ට බෙදා දිවා ආහාරය ලබා දෙන්නේ මේ දේශපාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මගේ බෙදිල්ල නරකයි කියන අයගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාවලට

තමා බඩු බෙදන නායකයකු බවට චෝදනාවක් එල්ල වී ඇති බවත් මේ බෙදිල්ලෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවට පවසන අයගෙන් අහන්න ඇත්තේ පරිගණකයක්, සුහුරු පුවරුවක්, ශබ්දකෝෂ, නර්තන ඇදුම්, පුස්තකාලයට ග්‍රන්ථ ලබා දීම නරක දෙයක්ද කියා ප්‍රශ්න කරන බවත් මෙසේ බෙදිල්ල නරකැයි කියන අය මහපාරේ කොමියුනිස්ට්වාදය අන්ත සමාජවාදය ගැන කතා කරමින් තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන්ගේ දරුවන්ට දිවා ආහාර ගැටලු, සුහුරු දුරකථනයක, පරිගණකයක ගැටලු නොමැති බවත් එසේ ගැටලු නොමැතිව රටේ සවිබල නොගැන්වූ පාසල්වලට යමක් ලබා දීම වැරදි කියා කියන බවත් මෙය කුහකකමේ සහ ඊර්ෂයාවට හොඳම උදාහරණය බවත් කවුරු විරුද්ධ වුවත් විවේචන කළත් මේ රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න බෙදන්න පුළුවන් හැමදේම ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 159 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1737ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan