දළදා වන්දනාවට සමගාමීව මහනුවර දන්සල් 820ක්!

කොළඹ LNW:සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගර සීමාව තුළ දන්සැල් 820ක් මේ වන විට ලියාපදිංචිවී ඇතැයි මහනුවර මහ නගර සභාව පවසයි.

සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ දන්සැල් ක්‍රියාත්මකවීම ඉහළ ගොස් ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසීය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර නාථ දේවාලය මගින් සැදැහැවතුන් සඳහා දන්සැල් ලබාදීම ඊයේ රාත්‍රි සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රධාන දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දනපතියන්ගේ පරිත්‍යාග මත බත් පාර්සල් බෙදාදිම ක්‍රියාත්මක වූ අතර ආහාර සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමට මත ක්‍රියාත්මක විය.

ඒ අනුව මහනුවර වැව රවුම් මාර්ගයේ රාත්‍රී කාලයේදී රැදී සිටින සැහැහැවතුන් සඳහා බත් පාර්සල් බෙදාදීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...