අනුරාධපුර පූජා භූමී සංවර්ධනයට මහනායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධයක් නැහැ – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී

කොළඹ LNW:යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම උරුමයන් ආරක්ෂා කරමින් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ මහනායක ස්වාමීන්වහන්සේගේ කිසිදු විරෝධතාවක් නොමැතිව බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනපති පත් කළ උපදේශක කාරක සභාවේ සම සභාපති , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුවය.

එහිදී යෝජිත පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩක් බදු අනුරාධපුර පූජා භූමිය සහ බෞද්ධ උරුමය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම මහානායක ස්වාමීන්වහන්සේ අවධාරණය කර තිබේ.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නියෝජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේද බැහැදැක උන්වහන්සේටද උක්ත වැඩපිළිවෙල පිළිබද දැනුවත් කර ඇත.

අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙන අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේද බැහැදැක තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මාලිගාවේ සුප්‍රසිද්ධ රන් වියන යළිත් බැබළෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ...

‘Builders’ Gateway’ නිල වශයෙන් විවෘතවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින්...

රන් මිල පහතට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින්...

රුසියානු තානාපති කාර්යාලයෙන් කොළඹ මහ නගර සභාවට ග්‍රන්ථ පරිත්‍යාගයක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: රුසියානු තානාපති කාර්යාලය විසින්...