රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක්
AI තාක්ෂණයෙන් බලගැන්වුණු ජාත්‍යන්තර රෝගී තත්ත්ව කල්තබා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ජාලයක් වන NURA, FUJIFILM DKH LLC මඟින් මෙහෙයවනු ලබන අතර, හේලීස් සමූහයට අනුබද්ධ Innovative Health Solutions (Pvt) Ltd සමඟ එක්ව ළඟදීම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙහි දී සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා ගත වන්නේ මිනිත්තු 120ක් පමණි. පරීක්ෂණයට පෙර සූදානමක් හෝ වෛද්‍යවරයකුගේ නිර්දේශයක් ලබා ගැනීමට අවශ්‍ය නොවේ. සුවපහසුව සහ ආරක්ෂාවට විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙමින් සිදුකරන මෙම පරීක්ෂණ ක්‍රියාවලියට, ජීවන රටා ආශ්රිත, ප්‍රධාන බෝ නොවන රෝග සහ බහුලව දක්නට ලැබෙන පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා සිදු කරන ලොව අතිනවීන තාක්ෂණය මුසු වූ ස්කෑන් සහ අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ ඇතුළත් වේ.
පරීක්ෂණ වාර්තාව එම වේලාවේම ලබාදෙන අතර, එහි ප්‍රතිඵල පිළිබඳව වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කිරීමට ද අවස්ථාව සැලසේ.
NURA හි පරීක්ෂණ සඳහා FUJIFILM සමාගමේ ලොව පුරා විශ්වාසය දිනාගත් ජපන් වෛද්‍ය රූපකරණ තාක්ෂණය භාවිත කෙරේ. ඒ අතර, සාම්ප්‍රදායික CT ස්කෑන් පරීක්ෂණවලට සාපේක්ෂව 97%කින් පමණ අඩු කරන අවම විකිරණ මාත්‍රාවක් භාවිතා කරන Ultra-low-dose CT පද්ධතියක් ද ඇතුළත් වේ. FUJIFILM සමාගමේ දශක ගණනාවක වෛද්‍ය රූපකරණ පර්යේෂණ දත්ත මත පදනම් වූ AI තාක්ෂණය මඟින් ස්කෑන් රූපවල ගුණාත්මක භාවය ඉහළ නංවන අතර, සැලකිලිමත් විය යුතු තත්වයන් හඳුනා ගැනීමට මෙන්ම වැඩිදුර පරීක්ෂණ හෝ ප්‍රතිකාර සඳහා ද වෛද්‍යවරුන්ට සහය වේ.

Masaharu Morita
NURA හි ශ්‍රී ලංකා මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව එහි නිර්මාතෘ සහ අධ්යක්ෂ Masaharu Morita මහතා මෙසේ සිය අදහස් දැක්වීය:
“ජපානයේ දී නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණවලට යොමු වීම එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කොටසක්. රෝගයක් පිළිබඳ සැකයක් ඇති වීමට පෙර සිටම සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ඔවුන් පුරුද්දක් කරගෙන තිබෙනවා. NURA හරහා අප ලෝකයට හඳුන්වා දෙන්නේ එම සංස්කෘතියයි. අප දැනටමත් ඉන්දියාව, මොංගෝලියාව, වියට්නාමය, තායිලන්තය සහ ඩුබායි යන රටවල මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. මීළඟට ශ්‍රී ලංකාවට පිවිසීමට ලැබීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බර වෙනවා. AI තාක්ෂණයෙන් වෛද්‍යවරුන්ට සහය ලැබෙන, ඉතා අවම විකිරණ මට්ටමක් සහිත CT පරීක්ෂණ හේතුවෙන් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ප්‍රායෝගික කරවන සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස NURA හැඳින්විය හැකියි. සියලුම ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසයෙන් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි රෝග කල්තියා හඳුනා ගැනීමේ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම අපගේ මූලික අරමුණයි.”
NURA මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමට පෙර සිය සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සහ නවතම යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන්ට, www.nurahealth.lk/waitlist වෙබ් අඩවියට පිවිස පූර්ව ලියාපදිංචි වීමේ පහසුකම සලසා ඇත.
NURA සන්නාමය පිළිබඳව
NURA, FUJIFILM Corporation සහ Dr. Kutty’s Healthcare (DKH) එක්ව ස්ථාපිත කළ, ඔවුන්ගේ ඒකාබද්ධ ව්‍යාපාරය වන FUJIFILM DKH LLC මඟින් මෙහෙයවනු ලබන රෝගී තත්ව කල්තබා හඳුනා ගැනීමේ සන්නාමයකි. 2021 වසරේ දී බැංගලෝර් නුවරින් සිය පළමු මධ්‍යස්ථානය ආරම්භ කළ NURA, මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත වී තිබේ. ප්‍රධාන ජීවන රටා ආශ්රිත රෝග සහ බහුලව දක්නට ලැබෙන පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා, අති නවීන වෛද්‍ය ස්කෑන් තාක්ෂණය සහ AI සහය ලබන විශ්ලේෂණයන්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවා ප්‍රවේශයක් සමඟ ඒකාබද්ධ කිරීම මෙහි විශේෂත්වයයි. NURA හි සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකින් නිම කෙරෙන අතර, වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීමේ අවස්ථාව ද මීට ඇතුළත් වේ.
Innovative Health Solutions (Pvt) Ltd
හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන Innovative Health Solutions (Pvt) Ltd, අති නවීන වෛද්‍ය තාක්ෂණයන් සහ පූර්ව සෞඛ්‍ය පරීක්ෂණ විසඳුම් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය නව මානයකට ඔසවා තැබීම සිය පරමාර්ථය කරගනී. ගෝලීය සෞඛ්‍ය විශේෂඥතාව සහ තාක්ෂණික දියුණුව දේශීය අවශ්‍යතා සමඟ සම්බන්ධ කරමින්, නවීන පරීක්ෂණ පහසුකම් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ගෙන ඒම සහ කල්තියා රෝග හඳුනා ගැනීම කෙරෙහි ඇති අවධානය ශක්තිමත් කිරීම සමාගමේ අරමුණයි.



