පාස්කුව රක්ත වර්ණයෙන් තෙත්වුණ දිනය පසු වී අදට වසර 4ක්!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර හතරක් පිරීම නිමිත්තෙන් සමරු වැඩසටහන් මාලාවක් ඊයේ (20) සහ අද (21) දෙදින සමරු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, මෙහි ප්‍රධාන සමරු උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානයේ දී පැවැත්විණි. එම අවස්තාවට සර්ව ආගමිකනායකයින්, තානාපතිවරුන් ඇතුලු ගිහි පැවිදි ආරාදිත අමුත්තන් සහ ප්‍රහාරයේ වින්දිතයින්ද සහභාගි වී සිටියහ.

මෙම සමරු වැඩසටහනට සමගාමීව ඊයේ (20) රාත්‍රී කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්තානයේ විශේෂ දේවමෙහෙයක් ද පැවැත්වූ අතර, එමඅවස්තාවට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් බවට පත්වූ පිරිස ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

දේව මෙහෙය අවසන් වීමෙන් පසුව කොලඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය දක්වා පාගමනක්ද සංවිධානය කොට තිබුණු අතර, එම පාගමන අද(21) උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය වෙත ලගා වුණි.

අද දින පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවති අතර, කතෝලික සභාව සදහන් කළේ අදාළප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙය සංවිධානය කළ බවයි.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...