*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

සියලු දේශපාලන පක්ෂවල යුතුකම මේ අර්බුදයේදි රජයට උදව් කිරීම – එස් බී කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට , පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සහභාගි විය. එහිදී ප්‍රතිත්‍රස්ත පනත, උසස් පෙළ ප්‍රතිපල නොබැලීම සහ ජාතික ආණ්ඩුව පිළිබඳව කතාවක් ඇතිවීම යන මාතෘකා යටතේ එස් බී දිසානායක මහතා තම අදහස් පල කළේය .

මේ ඔහුගේ අදහස්,

“විපක්ෂයත් ඇතැම් මාධ්‍ය ආයතනත්, රාජ්‍ය නොව සංවිධානත් තවමත් තදින් එල්ලි කෑ ගහනවා ප්‍රතිත්‍රස්ත පනත ගැන. මට පේන විදිහට මේ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත්විය යුත්තේ ත්‍රස්තවාදයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය , මේ රටේ ජන ජිවිතය හා මේ රටේ සම්පත් ආරක්ෂා කිරීම සඳහායි.

ඒ නිසා ප්‍රතිත්‍රස්ත පනතට අපි සහයෝගය දෙන්නේ ඒ මත ඉඳලා. ඒ පනත නැවත නැවත සාකච්ඡා කරමින් සිවිල් සංවිධානවලත් උපදෙස් ලබාගනිමින් අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යම කරන්න ඕන. ‍මේ සියලු කටයුතුවල අවසානයේ තමයි මෙය ගෙන එන්නේ. මේ ගැන කාලය නාස්ති නොකර ඉන්න ඕන. මේ රටේ ආණ්ඩුබලය තිබෙන පක්ෂය හැටියට අපි මේකට උදව් කරන්නේ, ආරක්ෂා කරන්නේ එය ත්‍රස්තවාදීන්ගෙන් රටේ අහිංසක ජනතාව හා රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න කියන කාරණය නිසයි.

දැන් මතුවෙලා තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි උසස් පෙළ ප්‍රතිපල නොබැලීම. මේ උත්තර පත්‍ර නොබැලීම පිළිබඳව කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ආචාර්යවරයෙකුත්, පෙරටුගාමි සංවිධානය කරන ආචාර්යවරයෙකුත් තමයි ඉදිරියට ඇවිත් මේ පිළිබඳව කෑගහන්නේ. මම මේ පිළිබඳව අද හිටපු කුලපතිවරු හතර, පස් දෙනෙකු සමඟ සහ ආචාර්ය මහාචාර්යවරු 20 සමඟ කතා කළා. මේ හැම දෙනාම කිව්වේ ඔවුන් ඇවිත් දරුවන්ගේ උත්තර පත්‍ර බලන්නම් කියලා. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරියක් කියලා පැත්තකට නොදමා අධ්‍යාපන අමාත්‍යාංශයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් වහාම එළියට ඇවිල්ලා මේ ආචාර්යවරු කැඳවලා ආරාධනාව භාරදෙන්න.

කුමක් හෝ විෂයකට පුංචි අඩුවක් එනවානම් ප්‍රශ්න පත්‍ර හදපු, පිළිතුරු පත්‍ර බලපු විශ්‍රාමික ආචාර්යවරු කැමැත්තෙන් ඇවිත් මේ උත්තර පත්‍ර බලන්න පැමිණෙන්නම් කියලා, දරුවන්ට අසාධාරණයක් වෙන්න කිසිසේත් ඉඩදෙන්න කැමති නෑ කියලා ඔවුන් කිව්වා. ඒ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරු අතිබහුතරයක් , උපකලපතිවරු ඉන්නේ මේ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඉතා ඉක්මණින් බලලා ඒ දරුවන්ට සාධාරණය කරන්න ඕන මතයේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට, විශ්‍වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට කියන්න කැමති වහාම ක්‍රියාත්මක වෙන්න.

ජාතික ආණ්ඩුව පිළිබඳව කතාවක් යනවා. රට ලොකු අනතුරක තිබුණේ. රට බංකොලොත් බව ප්‍රකාශ කරපු තත්වයක තිබ්බේ. අද එයින් අපි බේරිලා ඉන්නේ. අද රට ක්‍රමානුකූලව සංවර්ධන මාවතේ ඉදිරියට ඇදෙනවා. 2023 අපි පුංචි පසුබැසීමක් තිබුණත් 2024 වන විට ස්ථිර වශයෙන්ම ධන ආර්ථික සංවර්ධනයකට යන්න පුළුවන් තැනක අද රට තිබෙනවා. මේ අවස්ථාවේ විපක්ෂයේ සිටින සියලු දේශපාලන පක්ෂවල යුතුකම මේ අර්බුදයේදි රජයට උදව් කිරීම. පහුගිය කොවිඩ් වසංගතයත් එක්ක ලෝකය වැහිච්චි වෙලාවේ මහා බ්‍රිතන්‍යයේ රාජ්‍ය සේවකයන් භාගයට එන්න එපා කියලා භාගයකටයි වැටුප් ලබා දුන්නේ. හැබැයි ඒ පිරිස්ගෙන්, ඒ රටවල්වල විපක්ෂවලින් ද විරෝධයක් ආවේ නෑ. ඒ නිසා මේ අවස්ථාවේ සියලු විපක්ෂ රටේ ජනතාවට රටට රටේ සංවර්ධනයට කැමැත්තෙන් ඉන්නවානම් ඒ වගේ ආණ්ඩුවට එකතුවෙලා උදව් කරන එක ඉතාම හොඳ දෙයක්.

මේ පවතින දේශගුණික විපර්යාසය නිසා අපිටත් ඉන්න අමාරුයි. ලෝකයේ පැවැතිය යුතු උෂ්ණත්වය වඩා සෙල්සියස් අංශක 1.2 ක් උඩින් ඉන්නේ. ලෝකයේ තිබෙන පරිසර සංවිධාන මේ සියලුදෙනා කියන්නේ දැන් පරිසරය අපිට හැරිලා ගහන්න පටන් අරගෙන ඉවරයි කියලා. ඒ නිසා වහාම තවදුරටත් උෂ්ණත්වය වැඩිනොකරගෙන අපි පරිසරයට හානිකරන පොසීල ඉන්ධන වැනි දේවල්වලින් 2030 වන කොටවත් අඩුම වශයෙන් ඉවත්වන්න ඕන. ”

යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan