*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලංකාවේ කණිටු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 24 වන දා සිට ආසියාව සමඟ හැප්පෙති

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 22, කොළඹ (LNW):  අප්‍රේල් 20 වන දා ලෝකයේ වැඩි අවධානයක් මලල ක්‍රීඩාව පැත්තට හරවමින් මේ වසරේ පළමු ඩයමන්ඩ් ලීග් ග්‍රෝන්ප්‍රී තරගාවලය චීනයේ දි නිමාවට පත් වුණේ ඉදිරියේදී විශ්මිත දස්කම් සම්බන්ධයෙන් බලාපොරොත්තු මතු කරමින්.ඒ උණුසුම චීනය හරහා මැද පෙරදිග ද ආක්‍රමණය කරමින් ලොව පුරා පැතිරෙන්නට නියමිත මොහොතක ආසියානු මලල ක්‍රීඩාවේ ඊළඟ පරම්පරාව අද දැකීම සඳහා පවත්වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලිය අප්‍රේල් 24 ද ඩුබායි හී දී ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙක් සහභාගිවීමට නියමිතයි.ඒ 17 දෙනා අතර වැඩි පිරිස සහය දිවීමේ ඉසව් නියෝජනයට නියමිත අතර ඒක පුද්ගල ඉසව් සිඳු කරන්නේ අයෝමාල් අකලංක,දෙනෙත් අනුහස්,තරුෂ මෙණ්ඩිස්,මෙරොන් විජේසිංහ,නෙත්මිකා මධුෂානි හේරත් සහ තරුෂි අභිෂේකා පමණයි.ඒ අතරින් තරූෂ සහ දෙනෙත් යන දෙදෙනාම උස පැනීම ඉසව්වෙන් තරගාවලිය නියෝජනය කරනවා.මෙරොන් විජේසිංහ මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් එම ඉසව්වේ සහය දිවීමේ තරගය ද නියෝජනය කරනවා.නෙත්මිකා මධුෂානි හේරත් දුර පැනීම මෙන්ම තුන් පිම්ම ඉසව්ව ද නියෝජනය කරනවා.තරුෂි අභිෂේකා නියෝජනය කරන්නේ මීටර් 800 ඉසව්වයි.


මීටර් 400 කඩුලු ඉසව්ව නියෝජනය කරන අයෝමාල් අකලංක මේ කණ්ඩායම සතුව සිටින වැඩිම ජාත්‍යන්තර අවධානය දිනා ගත් ක්‍රීඩකයා වන අතර ඔහු යොවුන් අංශයේදී ලෝකයේම අවධානය දිනා ගනිමින් මීටර් 400 කඩුලු ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩකයා ද වෙනවා.දෙනෙත් ද ආසියානු මට්ටමෙන් ගත් විට යොවුන් සහ කණිෂ්ඨ යන දෙ’අංශයෙන්ම තරඟ වැඳි අත්දැකීම් සහිත සහ ජයග්‍රහණ සහිත ක්‍රීඩකයෙක්.


මීටර් 400 සහය දිවීම සඳහා යොදා ගෙන ඇති බාලක බාලක බාලිකා කණ්ඩායම් මීටර් 400 මිශ්‍ර ඉසව්වට ද සහභාගි වීමට නියමිතයි.ජාත්‍ය කිරුළු,අවිශ්ක රාජපක්ෂ,ශෂින්ත සිල්වා,හසිඳු නෙත්සර,ටකහිමා නුහන්සා,ජිත්මා විජේතුංග,මහිමා ප්‍රවින්දි,චරුනි ප්‍රමුදිකා මීටර් 400 සහය ඉසව්ව සඳහා යොමුවන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.මීටර් 100 ඉසව්වට ඇතුළත් කර තිබෙන සහය දිවීමේ කණ්ඩායමට මෙරොන් විජේසිංහට අමතරව ඉඳුසර විදූෂන්,මලිත් කේ. තමෙල් සහ දිනෙත් වීරරත්න ඇතුළත් වෙති.


කණ්ඩායමේ කළමණාකාරු ලෙස මලල ක්‍රීඩා සංගමයේ ප්‍රසන්න ඉන්දික කටයුතු කරයි.ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කරන්නේ භද්‍රා ගුණවර්ධනයි.පුහුණුකරුවෙක් ලෙස නිපුන නිර්මාල් ද කණ්ඩායමට එකතු වී ඇති අතර ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස නදීපා තිලකරත්න කණ්ඩායමට ඇතුළත් වෙනවා.
තරගාවලියේ පළමු දිනයේ දී ම මීටර් 100 මූලික තරගවලට මෙරොන් විජේසිංහ සහභාගි වීමට නියමිත අතර ඔහු මේ කණ්ඩායමේ නායකත්වය ද දරනවා.එසේම නායිකාව ලෙස නම් කර ඇති මධුෂානි හේරත් ද පළමු දිනය වන 24 වන දා තුන් පිම්ම ඉසව්වට සහභාගි වෙනවා. එසේම අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු මූලික ඉසව්වට තරග වැදීමට නියමිතව සිටිනවා දෙවන දිනය වන 25 වන දා මධුෂානි දුර පැනීමට ඉදිරිපත් වන අතර එදිනම මීටර් 100 පිරිමි අවසාන තරගය ද පැවත්වීමට නියමිතව තිබෙනවා..


තරගාවලියේ තෙවන දිනය වන අප්‍රේල් 26 වන දා ශ්‍රී ලංකාවේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතව සිටිනවා.එසේම මීටර් 400 කඩුලු අවසාන තරගයද පැවත්වෙන්නේ එදිනයි.
තරගාවලිය නිමාවන අවසාන දිනය වන අප්‍රේල් 27 වන දා ශ්‍රී ලංකා කණ්ඩායමට කාර්යබහුල දිනයක් වන අතර එදින බාලක උස පැනීමේ තරගය මෙන්ම බාලක මීටර් 100 සහය දිව්මේ තරගය ද,මීටර් 400 බාලක බාලිකා තරග දෙකම ද පැවත්වෙනවා.තරගාවලියට පිටත්ව යන කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරින්ද පිටත්ව යාමට මත්තෙන් මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ලේකම් සමන් කුමාර ගුණවර්ධන සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව මේ සමඟ දැක්වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan