(VIDEO):IMF නාඩගම බොරුවක්.කරපු දෙයක් නැහැ – මහාචාර්ය G.L. පීරිස්ගේ අලුත් හෙළිදරව්ව මෙන්න!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා රජය මෙතෙක් නැටුවේ නාඩගමක් වන අතර කරපු දෙයක් නැති බවත් කළ එකම දේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වැඩකරන ජනතාවගේ අරමුදල් කොල්ලකෑම පමණක් බව නිදහස ජනතා සභාව වෙනුවෙන් අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.

ඒ අනුව සිදු වූයේ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ආක්‍රමණය කිරීමක් පමණක් බවයි පීරිස් මහතා කියාසිටියේ.

විදේශීය පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ජා කර අප්‍රේල් මාසයට පෙර එකඟත්වයකට පැමිණෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පවසා තිබුණද එයද ඉටුව නොමැති බව මහාචාර්යවරයා පැවසුවේය.

විදේශීය පෞද්ගලික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත නොකරන්නේ රට තුළ ව්‍යාප්තව පවතින වංචා දූෂණ හේතුවෙන් බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම අසීමිත දූෂණ වංචා වැලැක්වීම සඳහා පනතක් සම්මත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන අතර එය ඉටුකරන තෙක් ඇමරිකානු ඩොලර් බිලියන 334ක තුන්වන වාරිකය ලබා නොදෙන බවටත් අත්‍යවශ්‍ය කොන්දේසියක් පනවා තිබෙන හෙයින් රජය දැන් සූදානම් වන්නේ අකමැත්තෙන් හෝ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බවද ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...