*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

චීනයට අධික වැසි; ගංවතුර තත්වයන් හේතුවෙන් විශාල පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාව නිසා ඇතිවන ගංවතුර අවධානම හේතුවෙන් චීනයේ මිලියන 127 ක පමණ ජනතාවක් වාසය කරන ජනාකීර්ණ ප්‍රදේශයක් වන ගුවැන්ඩොංහි 60,000ක පමණ පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කළ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

ප්‍රධාන ගංඟා කිහිපයක්ම ඒවායේ ඉවුරු කැඩී ගොස් ඇති අතර බලධාරීන් සඳහන් කරන්නේ වාර්තා ගත ලෙස ඒවායේ ජල මට්ටම ඉහල යමින් පවතින බවයි. පළාත් අගනුවර වන Guangzhou මෙන්ම කුඩා නගර වන Shaoguan සහ Heyuan දරුණුතම බලපෑමට ලක්ව ඇත.

පළාත පුරා, සති අන්තයේ නිවාස මිලියන 1.16 කට පමණ විදුලිය අහිමි වී ඇති අතර අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් අගනුවර Guangzhou හි Baiyun ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කර ප්‍රමාද වී ඇති අතර අවම වශයෙන් නගර තුනක පාසල් වසා දැමීමට නියෝග කර ඇත.

අධික වර්ෂාව හේතුවෙන් පළාත පුරා නිවාස දුසිම් ගනනක් කඩා වැටී හෝ බරපතල ලෙස හානි වී ඇති අතර යුවාන් මිලියන 140.6 (ඩොලර් මිලියන 19.8) ක සෘජු ආර්ථික අලාභයක් බලධාරීන් විසින් ඇස්තමේන්තු කර ඇත.

ගුවැන්ඩොං සහ අසල්වැසි ෆුජියන් හි වෙරළබඩ ප්‍රදේශවලට අවම වශයෙන් අඟහරුවාදා(23) දක්වා තද වැසි පවතිනු ඇති බවටත්, බීජිං, ටියැන්ජින් සහ හයිබෙයි ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවලට ද තද වැසි ඇතිවිය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan