*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

IMF හා ආර්ථික අර්බුදය

චීනය හා ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික වශයෙන් තරගකාරී තත්ත්වයක් පවතින්නේ වුව එය අපට අදාළ කර ගත යුතු නැත. අප ඉන්දියාවෙන්, චීනයෙන් පමණක් නොව අමෙරිකාවෙන් ද ආර්ථික සහයෝගය, ගත යුතුය. බලවත් රටවල් අමතක කොට අපට යා හැකි ආර්ථික ගමනක් නැත.

දේශපාලකයන්, උසස් නිලධාරීන් සේම ජනතාවත් එය වටහා ගත යුතුය. අප මේ කිසිදු රාජ්‍යයකට විරුද්ධ විය යුතු නැත. එම රාජ්‍යයන් ගැන අනවශ්‍ය භීතිකාවක් මතු කර ගත යුතු ද නැත. බංග්ලාදේශය අමෙරිකාව සමඟ ඉතා සාර්ථක ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර, ඉන්දියාව සමඟ ද සාර්ථක මට්ටමේ ආර්ථික ගනුදෙනු කරයි. බංග්ලාදේශය වෙනස් වුණේ මෑතකදීය. අද ලෝකයේ දියුණු වන රටවල් විස්ස අතර බංග්ලාදේශය ද තිබේ.ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා වැදගත් අවස්ථා ගණනාවක් නිර්මාණය වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡාවලදී ඉන්දියාව ඇපකරුවකු මෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත්ව සිටී. මේ අතර, චීනයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය සංවිධානය අපට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටී.

මේ සෑම ආයතනයක්ම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව බලවත් ගෙවුම් ශේෂ ගැටලුවකට මුහුණ දී සිටින බවය. එහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟ වීමය. ජනතාවට පැහැදිලි වන ලෙස එය දක්වතොත් ඩොලර් පිළිබඳ හිඟයකි. අපේ විදේශ විනිමය සංචිත අන්තිමටම පල්ලම් බැස ඇති බව රජය පමණක් නොව, ජනතාව ද පිළිගත යුතුය. විදේශ විනිමය හිඟයට උත්තරය උද්ඝෝෂණය යැයි කල්පනා කරන්නේ නම්, එය බලවත් වරදකි.අයි.එම්.එෆ්. ආයතනය වෙතින් අප වෙත ඉදිරිපත් වී ඇති සුබවාදී ප්‍රතිචාරය පිළිගත යුතුය. ඒවා පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ද රජය සූදානම් විය යුතුය. ඊට විවිධ බාධා ඇති වන්නට හැකි වුව ඒවා නොසලකා හරිමින් අයි.එම්.එෆ්. ආයතනය සමඟ කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇත.

ඔහු මීට දින කිහිපයකට පෙර කියා සිටියේ මීට පෙර අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවය. රාජ්‍ය නායකයා තමන් අතින් සිදු වූ අඩුපාඩු පිළිගැනීම සේම ඒවා ප්‍රකාශයට පත් කිරීමත් යහපත් ප්‍රවණතාවකි.හැබෑවටම අපට හොඳ මාර්ගයක් ලැබී ඇත. එය හොඳින් භාවිත කිරීම නායකයන්ගේ වගකීම වෙයි. පවතින අර්බුදයේ කොටස් තුනක් ඇති බව අපි හැමදාම පෙන්වා දුන්නෙමු. ආර්ථික අර්බුදය; දේශපාලන අවුල ; මහජනයා පාරට බැසීම යනුවෙන්ය. කොටස් තුන එකිනෙකට සම්බන්ධය. එකක් මත එකක් වැටී තිබේ. එහෙත් ප්‍රධාන අර්බුදය පවතින්නේ ආර්ථිකය මතය. එය විසඳීමට විරෝධතාකරුවන්ට හැකියාවක් නැත. ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ රජයට පමණි. රජය ඒ සඳහා පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඊට රටේ සියලු කොටස්වල සහයෝගය ලැබිය යුතුය.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan