අපි ඇවිල්ලා මාස හයයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් සමහර සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව CIDය කියනවා – ජනපති

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට ආණ්ඩුව කිසිදු ඇඟිලි ගැසීමක් සිදුනොකර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් පිරෙනවා, මේ අවුරුදු හයෙන් අවුරුදු පහහමාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ හොයන්න නෙවෙයි යටපත් කරන්න. කොච්චරද කියනවා නම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙ වාර්තාව, 1500 කගෙන් සාක්ෂි අරගෙන වාර්තාවක් ඉදිරිපත් කළා. වාර්තාව ඉදිරිපත් කළාට පස්සෙ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නවා ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්නෙ නෑ කියලා. එහෙමයි තිබුණෙ. අවුරුදු පහක කාලයක් තුළ ගොඩක් දේවල් හංගන්න පුළුවන්. දැන් මාස හයයි විමර්ශන කරන ආණ්ඩුව ඇවිල්ලා. සමහර සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපට වාර්තා වෙමින් තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. අපි ඇඟිලි ගහන්නෙ නෑ. ඉතාම ස්වාධීන විමර්ශනයකට අපි ඉඩකඩ දීලා තිබෙනවා”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 21) කුරුණෑගලදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...