බිමල්ගේ අමාත්‍යාංශය යටතේ සිටි තවත් ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි. හයකින් හතරක්ම ගිහින් ?

Date:

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් බිමල් රත්නායක මහතා පත්වීමෙන් අනතුරුව ඔහු යටතේ පැවති ආයතනවල ප්‍රධානීන් තිදෙනෙකු මීට පෙර ඉල්ලා අස්වී තිබිණි. ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සහ ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ යන නිලධාරීන් ය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයක් අතරින් හතරකම ප්‍රධානීන් ඉල්ලා අස්වී තිබීම විශේෂත්වය කි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පත්කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...