එපා කියද්දී L බෝඩ්කාරයෝ දැම්මා. දැන් වාහනය හැප්පුවා නේ ? ගන්න කෑලි තියෙනවද ? – රනිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරනු ඇතැයි සිතා සිටියත් ඔවුන්ට එවන් ජයග්‍රහණයකට අවස්ථාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ ඡන්දේ මාලිමාව හිතනවා නම් දිනනවා කියලා, එහෙම දිනන්නෙ නෑ. හුඟක් තැනක බහුතරයක් ලැබෙන්නෙත් නෑ. එහෙනම් අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න. මම දන්නෙ නෑ සජබ ගැන, කොහොමත් කණ්ඩායම් ගණනාවක් කියලා තියෙනවා මේකට කැමතියි කියලා. එහෙම කණ්ඩායම් ගණනාවක් එකතු වුණාම සභාපති තෝරන්නෙ වැඩියෙන්ම මන්ත්‍රීවරු ඉන්න කණ්ඩායමෙන්. ඉතින් අපට දැන් තියෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබාගන්න. මේගොල්ලොන්ට දිනන්න බෑ ඔය කිව්වට.

අපට දැන් තියෙන්නෙ ජාත්‍යන්තර වශයෙන් ඉතා බලවත්ම ආණ්ඩුව, චීනෙට පස්සෙ. අපි ලියුමක් යැව්වා, ට්‍රම්ප් ජනාධිපති කිව්වා අන්න මේක දවස් 90කින් කල් දානවා කියලා. එහෙම ආණ්ඩුවක් තියෙනවාද වෙන කොහෙවත් ලෝකෙ ? ඉතින් ඔහොම කතාවලට අපි ඇහුම්කන් දෙන්න වැඩක් නෑ.

පාර්ලිමේන්තු ඡන්දෙදී කිව්වා චාන්ස් එකක් දෙන්න කියලා, ඉතින් චාන්ස් එක දුන්නා. මම නම් කිව්වෙ මේ L බෝඩ්කාරයෝ දාන්න එපා, පළපුරුදු අය දාන්න කියලා. කොහොමහරි L බෝඩ්කාරයෝ දැම්මා. දැන් වාහනය හප්පලා ඉවරයිනෙ … ගන්න කෑලි තියෙනවද ?”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 21) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...