ලෝක බැඩිමින්ටන් ප්‍රවීනයන්ට ලාංකේය ඇරයුමක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 22 කොළඹ LNW :

ප්‍රවිනයන්ගේ ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියක් පැවත්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ බැඩිමින්ටන් සංගමය ඉදිරිපත්ව සිටිනවා.මෙම තරගාවලිය ජූනි මස 06 වන දා සිට 10 වන දා දක්වා කොළඹ වෙළද සේවා බැඩිමින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි පැවත්වීමට සූදානම් කර තිබෙනවා.

ඩොලර් 10000 ක ජය මල්ලක් සඳහා ලොව පුරා සිටින ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රිඩකයන්ට ලාංකේය පොළවට කරන ආරාධනයන් හැටියට ගත හැකි මෙම බැඩිමින්ටන් සූරතාවලිය රටේ විදේශ මුදල් සංචිතවලට දැනෙන බලපෑමක් කරන ඉසව්වක් ලෙස හැඳින්විය හැකියි.ඒ නිසා මේ සඳහා රජයේ ද ආශිරිවාදය හිමි විය යුතු අතර,මීට පෙර සංවිධානය වූ දැවන්ත ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලැබිය යුතු කිසිඳු සහයක් නොලැබී ගිව බව ද කණගාටුවෙන් වුව සිහිපත් කළ යුතුව තිබෙනවා.ඒ බව සිහි කරන්නේ එම වරද නිවැරදි කර ගැනීමට සහ රටේ ආර්ථිකයට මෙන්ම කීර්ති නාමයට ද යහපතක් වන කාර්යකට රජයේ දායකත්වය සහ ආශිර්වාදය වැදගත් වන බැවිනි.

තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාර්යය මැයි 13 වන දා අවසන් වන අතර https://bit.ly/4lCdNLj හරහා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද https://bit.ly/3YCOvCM විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද තරගාවලියට ඇතුළත් වීමේ අවස්ථාව සළසා ගැනීමට හැකිය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...