ලෝක බැඩිමින්ටන් ප්‍රවීනයන්ට ලාංකේය ඇරයුමක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 22 කොළඹ LNW :

ප්‍රවිනයන්ගේ ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියක් පැවත්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ බැඩිමින්ටන් සංගමය ඉදිරිපත්ව සිටිනවා.මෙම තරගාවලිය ජූනි මස 06 වන දා සිට 10 වන දා දක්වා කොළඹ වෙළද සේවා බැඩිමින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි පැවත්වීමට සූදානම් කර තිබෙනවා.

ඩොලර් 10000 ක ජය මල්ලක් සඳහා ලොව පුරා සිටින ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රිඩකයන්ට ලාංකේය පොළවට කරන ආරාධනයන් හැටියට ගත හැකි මෙම බැඩිමින්ටන් සූරතාවලිය රටේ විදේශ මුදල් සංචිතවලට දැනෙන බලපෑමක් කරන ඉසව්වක් ලෙස හැඳින්විය හැකියි.ඒ නිසා මේ සඳහා රජයේ ද ආශිරිවාදය හිමි විය යුතු අතර,මීට පෙර සංවිධානය වූ දැවන්ත ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලැබිය යුතු කිසිඳු සහයක් නොලැබී ගිව බව ද කණගාටුවෙන් වුව සිහිපත් කළ යුතුව තිබෙනවා.ඒ බව සිහි කරන්නේ එම වරද නිවැරදි කර ගැනීමට සහ රටේ ආර්ථිකයට මෙන්ම කීර්ති නාමයට ද යහපතක් වන කාර්යකට රජයේ දායකත්වය සහ ආශිර්වාදය වැදගත් වන බැවිනි.

තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාර්යය මැයි 13 වන දා අවසන් වන අතර https://bit.ly/4lCdNLj හරහා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද https://bit.ly/3YCOvCM විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද තරගාවලියට ඇතුළත් වීමේ අවස්ථාව සළසා ගැනීමට හැකිය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...