2026 පාපන්දු ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර සහ නව මිල ගණන්..

රෂිකා හෙන්නායක අප්‍රේල් 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 පාපන්දු ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් FIFA ආයතනය ගෙන ඇති නව තීරණ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සියලුම තරග සඳහා නව ප්‍රවේශ පත්‍ර කාණ්ඩයක් නිකුත් කර ඇති අතර, එහි මිල ගණන් ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබේ.

පෙර පැවති ප්‍රවේශ පත්‍රවල මිලට වඩා නව මිල ගණන් සැළකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, ප්‍රධාන තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර අලෙවිය බලාපොරොත්තු වූ මට්ටමට වඩා පසුගාමී තත්ත්වයක පවතින බව වාර්තා වේ.

විශේෂයෙන්ම අමෙරිකාව සහ පැරගුවේ අතර පැවැත්වෙන සමාරම්භක තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

ප්‍රමුඛ පෙළේ ආසන වෙනුවෙන් පනවා ඇති මෙම අධික මිල ගණන් සම්බන්ධයෙන් FIFA ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...