මාතර බන්ධනාගාරයේ තත්වය යළිත් උණුසුම්. STF කැඳවයි

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (අප්‍රේල් 22) පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වය ඊයේ රාත්‍රිය වනවිට යළි උත්සන්න වී තිබේ.

ඒ අනුව කඳුළු ගෑස් ප්‍රහාරයක් ද පොලීසිය විසින් එල්ල කර ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පොලීසිය ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට කටයුතු කර තිබිණි.

ඊයේ සවස මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් වෙනත් බන්ධනාගාරයකට රැගෙන යාමට යාමේදී මෙම තත්වය උද්ගතව තිබුණු අතර එහිදී වාට්ටුවකින් පිටතට පැමිණි රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුකාරී ලෙස හැසිරී තිබිණි. එම තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩිතැබීමක් ද සිදුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...