අපි ඊළඟ පරම්පරා දහයකට වැඩ කරලා තියෙන්නෙ. ආයෙ මේක හරවන්න බෑ ආත්ම ගාණකට – ඇමති චතුරංග

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වනවිට ඉදිරි පරම්පරා දහයකට පමණ සරිලන ලෙස වැඩකර ඇති බවත් මේ ආණ්ඩුවේ ගමන තව ආත්ම ගණනකටවත් හැරවිය නොහැකි බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“අපි මේ කරපු වෙනස ඓතිහාසිකයි. පරම්පරා දෙකක් එකතුවෙලා පරම්පරා හතරකට කරගන්න බැරිවෙච්ච දේ අපි අපේ ඊළඟට පරම්පරා දහයකට විතර කරලා තියෙන්නෙ. ආයෙ මේක හරවන්න බෑ ආත්ම ගාණකට. ආණ්ඩුවට කරන්න පුළුවන් උපරිම මේ වෙනකොට කරලා තියෙන්නෙ. විපක්ෂයට කියන්න දෙයක් නෑනෙ. දැන් විපක්ෂයට කියන්න පුළුවන් එක දෙයයි. විපක්ෂයට කියන්න පුළුවන් දැන් නොකිව්ව දේ. චතුරංග අබේසිංහ මෙහිදී මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා කියලා හෙට බොරුවක් ලියනවා දැන්. ඔන්න බලන්න. ඒක තමා ෂෙයා වෙන්නෙ. මං ජීවිතේට කොහෙවත් කිව්ව නැති එකක් පෝස්ට් එකක් විදියට ලියනවා. ලියලා ඒක මත බනිනවා. ඉතින් මාර වැඩක්නෙ ඒක. අපි කීයටවත් කියපු නැති එකකට බැනුම් අහන්න වෙලා. වෙන මොකුත් නෑ. අපි මොන වරදක් කරාටද ?”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් අමතමිනි.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...