අපි ඊළඟ පරම්පරා දහයකට වැඩ කරලා තියෙන්නෙ. ආයෙ මේක හරවන්න බෑ ආත්ම ගාණකට – ඇමති චතුරංග

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වනවිට ඉදිරි පරම්පරා දහයකට පමණ සරිලන ලෙස වැඩකර ඇති බවත් මේ ආණ්ඩුවේ ගමන තව ආත්ම ගණනකටවත් හැරවිය නොහැකි බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“අපි මේ කරපු වෙනස ඓතිහාසිකයි. පරම්පරා දෙකක් එකතුවෙලා පරම්පරා හතරකට කරගන්න බැරිවෙච්ච දේ අපි අපේ ඊළඟට පරම්පරා දහයකට විතර කරලා තියෙන්නෙ. ආයෙ මේක හරවන්න බෑ ආත්ම ගාණකට. ආණ්ඩුවට කරන්න පුළුවන් උපරිම මේ වෙනකොට කරලා තියෙන්නෙ. විපක්ෂයට කියන්න දෙයක් නෑනෙ. දැන් විපක්ෂයට කියන්න පුළුවන් එක දෙයයි. විපක්ෂයට කියන්න පුළුවන් දැන් නොකිව්ව දේ. චතුරංග අබේසිංහ මෙහිදී මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා කියලා හෙට බොරුවක් ලියනවා දැන්. ඔන්න බලන්න. ඒක තමා ෂෙයා වෙන්නෙ. මං ජීවිතේට කොහෙවත් කිව්ව නැති එකක් පෝස්ට් එකක් විදියට ලියනවා. ලියලා ඒක මත බනිනවා. ඉතින් මාර වැඩක්නෙ ඒක. අපි කීයටවත් කියපු නැති එකකට බැනුම් අහන්න වෙලා. වෙන මොකුත් නෑ. අපි මොන වරදක් කරාටද ?”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් අමතමිනි.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...