කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW:

අනුරාධපුර රුවන්වැලි සෑය අභියස ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසයක් අතරතුර හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම උනුසුම් වාතාවරණය ඇතිවී තිබුණේ විනය හේතුමත භික්ෂූත්වයෙන් නෙරපන ලද රාජාංගණයේ සද්ධාරතන නමැත්තා සහ පිරිසක් උපවාස භූමියට පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගැනීමත් සමඟය.

එහිදී පහරකෑමට ලක්වීමෙන් සද්ධාරතන නමැත්තා තුවාල ලබා ඇති අතර, පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ උපවාසය සඳහා ඉදි කර තිබූ අට්ටාලය ඉවත් කිරීමට උත්සාහ කිරීම නිසා තවත් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබූ මෙම විරෝධතාවය සහ ඉන් අනතුරුව මතුවූ කලබලකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ විසින් මෙම පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අයවැය කතාව අරඹයි!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

ජනපති හමු වූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: සෞදි අරාබියේ මරණ දඬුවමකට...

 ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර...