ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): අද (24) පෙරවරුවේදී මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස සනිටුහන් කරමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියක් වේ.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරන බව පැවසේ.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි...

අද – හෙට – අනිද්දා පළමු පෙළ කාන්තා තරග

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: හර්ෂිතා සමරවික්‍රම මේ වන විට...

මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්……!

අශෝක ජයතුංග අගෝස්තු 03 වොෂින්ටන් LNW : 🍎හිමිවරු හා ලාංකිකයන් රැසක්...