*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( International Monetary Fund) කුමක් සිදු කරයිද …?

අප පුරා දශක ගණනාවක් පුරා සිදු කළ වැරදි ආර්ථික ක්‍රියාවලියක නීරස ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳිමින් ඇත.

තවදුරටත් ඉතිහාසයට ශාප කරමින් සිට පලක් නැත. රටක් ජාතියක් ලෙස අප කොතනින් හෝ කෙලෙස හෝ නැගිටිය යුතුය.

එමෙන්ම කොවිඩ් වසගතය නිසා රට ලොක් ඩවුන් කිරීමෙන් මේ වසර දෙකට රටට අහිමි වූ විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 28 කට ආසන්නය.

සංචාරක ව්‍යාපාරයෙන් සෘජුවම ඩොලර් බිලියන 11ක් පමණද විදේශ ප්‍රේශණ තුලින් ඩොලර් බිලියන 08 ක් පමණද අපනයන ආදායම ඩොලර් බිලියන 08 ක් පමණ අපට අහිමි විය.

අද රටට අවශ්‍යය තෙල්, ගෑස්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, අමු ද්‍රව්‍ය ගැනීමට අපට ඩොලර් නැති බව තිත්ත ඇත්තකි. රටට ඩොලර් පැමිණෙන සංචාරක ව්‍යාපාරය, අපනයනයන් කඩාකප්පල් කරමින් ” අරගලයක් ” ද රටට අනාදරය කරන අමනුෂ්‍යයන් විසින් ආරම්භ කර ඇත.

IMF වේවා ඕනෑම ආයතනයක් ණය හෝ ආධාර ලබාදීමට නම් ඒ රට දේශපාලන වශයෙන් ස්ථාවර රටක් විය යුතුය. මේ අරගල කරන්නන්ගෙ අරමුණ මෙරට දේශපාලන ස්ථාවරත්වයක් නැතැයි ලොවට හඩ ගා කීමටය.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඉතිහාසයේ ප්‍රථම වරට තවත් රටක් වෙනත් රටක් වෙනුවෙන් වග වන බවට සහතික වෙමින් මේ අසීරු මොහොතේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග එක්ව සිටගෙන ඇත.

ඉන්දියාවේ වත්මන් මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මැතිණිය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලී සබ්‍රිට සහය දක්වමින් සිදු කරන්නෙ අනුපමේය සේවයකි.

IMF සමඟ පවත්වන සාකචිඦා 24 වනදා දක්වා පැවැත්වෙන අතර මේ දක්වා පැවැති සාකච්චාවල සාධණීය ප්‍රගතියක් දක්නට ඇත.

මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා සිදු කළේ..

කඩිනමි සහ වෙිගවත් මූල්‍ය සමිපාදනයක් (Rapid Financing Instrument)

විස්තීරණ අරමුදල් පහසුකම (Expiditing and Extended Fund Facility)…. එනම් IMF දිගුකාලින අරමුදල් පහසුකමක්.

ඉහතින් සදහන් ක්‍රියාදාමයන් IMF සමිමත ක්‍රියාවලියට අයත් නොවුනත් ඉන්දීය මැදහත් වීම මත එම සහනය ලංකාවට ලබාදීමට කටයුතු කරමින් ඇත.

මෙම සාකච්ඡා සඳහා IMF ප්‍රධානී ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මියත්, ඉන්දීය මුදල් ඇමතිනිය නිර්මලා සීතාරාමන් මහත්මියත්, ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබිරි මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහභාගි වේ.

ශ්‍රී ලංකාව විසින් මේ වසර තුල පමණක් ගෙවීමට ඇති ණය සහ ණය වාරික ඩොලර් බිලියන 6 ක් පමණ වේ. 2023 සිට 2026 දක්වා තවත් ඩො.බි.25 ක වාරිකයන් සහ ණය ගෙවීමට ඇත.

මේ වන විටත් ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීමි සඳහා අදාල රටවල් සහ ආයතන සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙම සාකච්ඡා වලදි දක්ෂ නීතිවෙිදියකු වන අලි සබිරි මැතිතුමාගෙ යෝජනා ඉදිරිපත් කිරීමෙ නිපුණතාවයත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගෙ පරිණත මුල්‍ය කළමනාකරණ දැනුමත් පැසසුමට ලක් කළ යුතුමය.

එමෙන්ම IMF මුල්‍ය පහසුකම් ලබා ගැනීමට නම් රට දැඩි මූල්‍ය පාලනයකට යටත් කල යුතුය. දැනටමත් සුදු අලි බවට පත්ව ඇති ආයතන 39 ක් ප්‍රතිව්‍යුහගත කරන ලෙසට උපදෙස් ලැබී ඇත.

මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති ප්‍රතිචාරය ඉතාමත් සතුටුදායකය.

නිලන්ත සත්සර ගමගේ facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan