විපක්ෂයේ එකමුතුවක් නැතිව තරුණ අරගලය දිනන්න බෑ – රවී කුමුදේශ්

Date:

විපක්ෂයේ සියලු පක්ෂවල එකමුතුවකින් තොරව තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මේ වනවිට රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පළවා හැරීම සඳහා මහපාරේ අරගලය අඛණ්ඩව සිදුකරමින් සිටියත් ඊට අදාළව පාර්ලිමේන්තුව තුළ කිසිවක්ම සිදුනොවන තත්වයක් උද්ගතව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ තරුණ අරගලය පාර්ලිමේන්තුව තුළින් ජයග්‍රහණය කරා ගෙනයන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශ්ව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට බලපෑම් කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සටනට නායකත්වයක් දෙන බවක් මෙතෙක් පෙන්නුම් කර නොමැති බව සිහිපත් කළ කුමුදේශ් මහතා විපක්ෂ නායකවරයා මීට මැදිහත් නොවන්නේ නම් විපක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ චම්පික රණවක මහතා හෝ වෙනත් කවර හෝ නායකයකු හෝ ඉදිරියට පැමිණ විපක්ෂයේ සියලු බලවේග එකතුකර වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ අද (24) දිනයේදී ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...