විපක්ෂයේ එකමුතුවක් නැතිව තරුණ අරගලය දිනන්න බෑ – රවී කුමුදේශ්

Date:

විපක්ෂයේ සියලු පක්ෂවල එකමුතුවකින් තොරව තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මේ වනවිට රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පළවා හැරීම සඳහා මහපාරේ අරගලය අඛණ්ඩව සිදුකරමින් සිටියත් ඊට අදාළව පාර්ලිමේන්තුව තුළ කිසිවක්ම සිදුනොවන තත්වයක් උද්ගතව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ තරුණ අරගලය පාර්ලිමේන්තුව තුළින් ජයග්‍රහණය කරා ගෙනයන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශ්ව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට බලපෑම් කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සටනට නායකත්වයක් දෙන බවක් මෙතෙක් පෙන්නුම් කර නොමැති බව සිහිපත් කළ කුමුදේශ් මහතා විපක්ෂ නායකවරයා මීට මැදිහත් නොවන්නේ නම් විපක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ චම්පික රණවක මහතා හෝ වෙනත් කවර හෝ නායකයකු හෝ ඉදිරියට පැමිණ විපක්ෂයේ සියලු බලවේග එකතුකර වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ අද (24) දිනයේදී ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...