ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ ස්වීඩන් ජාතිකයෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩ!

Date:

රෂිකා හෙන්නායක

ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්  රුපියල් 26,500/- දඩයක් නියම කළ බව සඳහන් වේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව වාර්තා වේ. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පශ්චාත් තාපයට පත්වන බවයි.

සිද්ධිය වූ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවත්  අපරාධයක් සිදුකිරීමේ චේතනාවක් ඔහු තුළ නොතිබූ බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කණගාටුවට පත්වන බවත් ඔහු වරද පිළිගන්නා බවත් පවසා ඇත. ඒ අනුව විත්තිකරුට රුපියල් 26,500/-ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව මාසයක් ලිහිල් සිර දඬුවම් නියම කරන බව පැවසූ බව වාර්තා වේ.

ගුවන්තොටුපොළ පොලිසිය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...