අන්තරේ හා සමසෞඛ්‍ය උපාධිධාරීන් අදත් කොටුවේ විරෝධතාවක!

Date:

කොළඹ LNW: අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසින් අද (24) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසයි එහිදී ප්‍රධාන වශයෙන් බල කෙරුණේ.

අසාධාරණ විභාග ක්‍රමය හකුළා එම බඳවා ගැනීම් සඳහා වූ පටිපාටියක් සකසන ලෙස ව්රෝධයට එක්වුවන් රජයට බලකරන ලදී.

එමෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා සමසෞඛ්‍ය උපාධිය අලෙවි කිරීම වහාම නතර කරන ලෙසද ඔවුන් බලධාරීන්ට බල කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීද සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගන්න ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්ද ආරම්භ කරන ලද නමුත් එම ස්ථාන විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර එහිදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ද සිදුවිය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...