මේ දේශපාලනය කරලා එක ඇටි කෙහෙලක් අපට හම්බවෙන්නෙ නෑ – නිලන්ති කොට්ටහච්චි

Date:

මාලිමාව යනු ඊට ඡන්දය නොදුන් සහ එය අවිශ්වාස කළ අයට ලෙහෙසියෙන් ඉලක්ක කරගෙන පහරදිය හැකි කණ්ඩායමක් නොවන බවත් එහෙයින් මාලිමාවට පහරදීමට පෙර ඔවුන් හොඳින් කල්පනා කළයුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

“මාලිමාවට වෙඩිතියන්න කලින් හොඳට කල්පනා කරන්න ඕනෙ. මාලිමාව කියලා කියන්නෙ අපට ඡන්දය නොදුන්, අපිව අවිශ්වාස කළ සහ අපට ගල්මුල් ගසන බොහෝ දෙනෙක්ට ලේසියෙන් ඉලක්ක කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි කියන එක මේ වෙලාවෙ කියන්න ඕනෙ. ඒ කණ්ඩායම තේරුවෙ ඔබ. ඒ නිසා ලේසියෙන් පස්සට හැරිලා යන්නෙ නැති කණ්ඩායමක් ඔබෙන් බලය ඉල්ලනවා නැවත වතාවක් ගම හදන්න බලයක් දෙන්න කියලා. මේ දේශපාලනය කරලා එක ඇටි කෙහෙලක් අපට හම්බවෙන්නෙ නෑ, එක රුපියලක් අපේ සාක්කුවට වැටෙන්නෙ නෑ. මේ රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන ඔබේ කණ්ඩායමට බලය ලබාදුන්නාට ඔබට පව් පිරෙන්නෙ නෑ”

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...