අන්තරේ හා සමසෞඛ්‍ය උපාධිධාරීන් අදත් කොටුවේ විරෝධතාවක!

කොළඹ LNW: අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසින් අද (24) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසයි එහිදී ප්‍රධාන වශයෙන් බල කෙරුණේ.

අසාධාරණ විභාග ක්‍රමය හකුළා එම බඳවා ගැනීම් සඳහා වූ පටිපාටියක් සකසන ලෙස ව්රෝධයට එක්වුවන් රජයට බලකරන ලදී.

එමෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා සමසෞඛ්‍ය උපාධිය අලෙවි කිරීම වහාම නතර කරන ලෙසද ඔවුන් බලධාරීන්ට බල කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීද සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගන්න ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්ද ආරම්භ කරන ලද නමුත් එම ස්ථාන විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර එහිදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ද සිදුවිය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...