බැසිල් චීනෙත් එක්ක අළුත් වැඩක්ද ? හදිසියේම බැසිල් කරන්න යන දේ (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW):

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු නියෝජ්‍ය අමාත්‍ය සහ කොමිනිස් පක්ෂයේ මාධ්‍යම කාරක සභික සුං හයියන් මහත්මිය ප්‍රමුඛ චීන රාජතාන්ත්‍රික දූත පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජාතික සංවිධ ඇතුළු පක්ෂ නියෝජිත පිරිස නෙළුම් මාවත පක්ෂ මුලසා නිදි හමු විය.

සාකච්ඡාවට මුල පුරමින් සුන් හයියන් මහත්මිය සඳහන් කළේ” පහුගිය අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම කෙටි කලක් තුළ සිය දේශපාලන බලය සහ පෞරුෂය යළි ගොඩනගාගෙන ඇති බව නිරීක්ෂණය වන බවයි, එය අපේක්ෂා නොකළ මට්ටමේ වේගවත් නැවත නැගිටීමක් බව එතුමිය සඳහන් කළ බව පැවසේ.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා අමතමින් ඇය මෙසේ පැවසිය.

ඔබ විසින් මෙහෙයවනු ලබන ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා විසුරුණු සංවිධායන ජාලය මේ නැවත නැගිටීමට මූලික ශක්තිය වෙලා තිබෙන බවයි අපට පේන්නේ,

සංවාදයට එක් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

අපි තමයි ලංකාවේ ලාබාලතම දේශපාලන පක්ෂය , ඒ වගේම තමයි ලංකාවේ ප්‍රථම සහ එකම අපරාජිත දේශපාලන පක්ෂයත්, අපි අපේ පක්ෂය නිර්මාණය කළාට පස්සේ ලංකාවේ පවත්වා තිබෙන්නේ මැතිවරණ තුනයි, ඒ මැතිවරණ තුනෙන්ම වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට අපි සමත් වුණා. අනික අපේ පක්ෂයේ තමයි ලාබාලතම ජාතික සංයෝජකා සංවිධායකවරයා ඉන්නෙත් ”

ඊට ප්‍රතිචාර දක්වමින් හයියෙන් මහත්මිය සඳහන් කළේ

” තරුණයෙකුට එවැනි අවස්ථාවක් ලබාදීමට ගත් තීරණය අගය කළ යුත්තක් බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ සහයෝගය ඇතුව මේ පක්ෂයේ සහ අනාගතය හොඳ තැනකට ගෙනයන්න නාමල් රාජපක්ෂ මහතාට හැකි බව තමන්ගේ විශ්වාසය බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ චීන මහජන සමූහාණ්ඩුව අතර පැවැති මිත්‍රත්වය හා සමාන මිත්‍රත්වයක් චීන කොමියුනිස්ට් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර පවත්වාගෙන යාම වැදගත් බවත් සුංහයන් මහත්මිය වැඩිදුරටත් කියා සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...