*
Friday, April 25, 2025
spot_img

Latest Posts

බේස්බෝල්වලින් ශ්‍රී ලංකාවට ලැබුණ අප්‍රකට ගෞරවය

නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:

මේ දිනවල ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම සිටින්නේ තායිලන්තයේය.ඔවුන් ආසියානු කුසලාන සුරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට එහිදී සටන් වදිමින් ඇත.ශ්‍රී ලංකාව මූලික තරගයට මුහුණ දෙන කාණ්ඩයට ඉරානය,ඉන්දියාව සහ පකිස්තානය ඇතුළත්ය.මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාව වෙතින් 14 – 0 ක පරාජයක් ලබා සහ ඉරානය වෙතින් 13 – 0 ක ජයක් ලබා පකිස්තානය මුණ ගැසීමට සූදානම්ව සිටියි.
එහෙත් මේ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට මෙන්ම සෞඛය අංශවලට ද මහත් ගෞරවණීය තත්ත්වයක් ඇති වෙන සිඳුවීමක් සිඳුව,එය සමාජගත නොවී සැඟවී තිබේ.එය එහෙත් පකිස්තානු කණ්ඩායම බලධාරියා විසින් හෙළි කර ඇත.


සයිඩ් පකාර් අලි එහි සුවිශේෂී පිදුම පුද කර සිටින්නේ ශ්‍රී ලංකාවේ බේස්බෝල් සංගමයේ මෑතක් වන තුරුම ප්‍රධාන විධායකයා ලෙස ඉහළ සේවයක් සිදු කළ තීක්ෂණ ගම්මන්පිලටය.මේ වන විට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන ඇතැම් නිලධාරීන්ගේ ප්‍රශ්නකාරී සහ සැක මුසු හැසිරීම් අරභයා ඔහු එම තනතුරෙන් ඉවත්ව සිටින අතර ඒවා ඉහළ මට්ටමෙන් අවධානය යොමු නොවන කාරණා බවට පත් වී තිබේ.
ආගමන විගමන නීති උල්ලංඝණය කළ ද,එය ප්‍රතිවිරුද්ධ දේශපාලකයාට අවමන් කිරීමට පමණක් යොදා ගන්නා අමාත්‍යවරයෙකු යටතේ,ආශිර්වාදය ලබන අයෙකු මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන බැවින්,මෙවැනි ඉල්ලා අස්වීම් නිසා සිඳුවන ගැටළු පිළිබඳව අවධානය යොමු වනු ඇතැයි සිතිය නොහැකිය.දැන් එම වැරදිකාර පරිපාලනයේම සිටි ප්‍රධාන විධායකයා පසුව බේස්බෝල් ක්‍රීඩාවටද සම්බන්ධව සිට දැන් අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිව සිටින බැවින් ගැටළුව තව දුරටත් සැඟව දේශපාලන ආශිර්වාදය හිමි වීමට ඇති ඉඩ ද සුවිශාලය.


ලංකාවේ විදේශිකයන් සම්බන්ධයෙන් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේ චෝදනාවට වගකිව යුතු අය බේස්බෝල්වලට සම්බන්ධව සිටියත් මේ කාරණය පකිස්තානයේ ප්‍රශංසාවට ශ්‍රී ලංකාව ඉහළින්ම ලක් කළ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු සහ පරිපාලනයේ ඉහළ වගකීමක් දරා අසාධාරණයට එරෙහිව ඉවත් වූ අයෙකු පිළිබඳවය.පකිස්තානය ඔහුට ගරු කරන්නේ ඔහුගේ ක්‍රීඩාවෙන් ලබා ගත් දැන හැඳුණුම්කම්වලටය.


නමීන් තීක්ෂණ ගම්මන්පිල වූ ඔහුට සයිඩ්ගේ ඇමතුමක් ලැබෙන්නේ කටුනායක ගුවන් තොටුපළේ සිට ය.ඒ කරච්චි සිට තායිලන්තය බලා යමින් සිටියදී ය.ඔවුන්ගේ අතරමැදි නැවතුම් මධ්‍යස්ථානය වූයේ කටුනායකය.
කටුනායකට බට පකිස්තාන බේස්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක වන ගුල් ෆෙරෝෂා ට යම් හෘදයාබාධයක ලක්ෂණ මතු වන්නට ගන්නේය. ෆෙරෝෂා ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්නම් දන්නේය.ඒ ඇය බේස්බෝල් කණ්ඩායමේ පමණක් නොව පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද ක්‍රිඩිකාවක බැවින්ය.ඒ නිසා පකිස්තානු කණ්ඩායම් ප්‍රධානියා මේ අසීරු අවස්ථාවේ තමන්ගේ ලාංකේය බේස්බෝල් හිතවතාට ඇමතුමක් ගත්තේය.
ඒ අනුව ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සමඟද සම්බන්ධ වෙමින් කලාපීය බේස්බෝල් හිතවතා වෙනුවෙන් සියළු වැඩ පසෙකලා තීක්ෂණ ෆෙරෝෂා රැඟෙන ගිය මීගමුව රෝහල වෙත ගියේය.මිගමුව රෝහල් කාර්ය මණ්ඩලය ද හැකි උපරිම ඉක්මණින් සිය ආගන්තුක විදේශිය ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රතිකාර සහ පරීක්ෂණ සිඳු කරන්නට යුහුසුලුව ඉදිරිපත් විය.දිවා භෝජනය ආදිය තීක්ෂණ අතින් සිය හිතවතාට ලැබිණ.ඒ සියල්ලට වඩා නාදුනන රටක සහෝදරයෙකු මෙන් තමන් අසළින් රැදී සිටීම කුසට වඩා ඔහුගේ හිත නිවන්නට ඇත.


මේ සියල්ල අතරේ තායිලන්තය බලා යන ගුවන් ගමන වෙනුවෙන් ගුවන් තොටුපළේ සූදානම කවරේද යන්න මෙන්ම මීගමුව රෝහලේ සිටිය රෝගියා සම්බන්ධ වැඩ කටයුතු කවරේද යන්නත් තීක්ෂණට දැණුම් දෙන්නත්,තීක්ෂණගෙන් දැන ගන්නටත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය කාරුණික විය.මිත්‍රශිලී විය.
අවසානයේ පමාවක් නොමැතිව ෆෙරෝෂා තායිලන්තය බලා පියාසර කළේය.ඒ පිළිබඳව සයිඩ් ෆකාර් අලිගේ ෆේස්බුක් සටහන අපේ ගැස ගැටීමෙන් ඉනික්බිතිව අප අපහසුවෙන් තීක්ෂණව සම්බන්ධ කර ගෙන එම තොරතුරු විමසා බැලුවේය.ඒ අප සතුව ඇති බේස්බෝල් ගැන අදහස දැන ගන්නට නොව මේ සිඳුවීම ගැන අදහස දැන ගන්නටය.අවසානයේ බොහෝ අපහසුවෙන් අපි තික්ෂණගෙන් ඔහු සහ පකිස්තානු පරිපාලකයා සහ ෆෙරෝෂා සිටින ඡායාරූපද ඉල්ලා ගත්තෙමු.මේ සටහන තීක්ෂණට,ලංකාවේ ගුවන් තොටුපළ සේවයට මෙන්ම මීගමුව රෝහලේ මැදිහත්වීම්වලින් රටට අත් කර දුන් කීර්තිය වෙනුවෙන් ගේරවය සහ ස්තූතිය දක්වන්නටය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan