හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින මොහොතක ඒ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ නිවසට යාම තරයේ හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා ඊයේ (24) දිනයේදී මාධ්‍ය වෙත නිකුත් කළ විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.



