*
Friday, April 19, 2024
spot_img

Latest Posts

බුද්ධ චීවරයට උඩින් සාටකය දැම්ම..

පොහොට්ටුවේ හිටපු සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් අයින් කරලා ඒ වෙනුවට මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හාමුදුරුවෝ පත් කරගෙන තියනවා.මේ පත්කිරීමට අදාලව යම් සමාජ කතිකාවක් නිර්මාණය වෙලා තියනවා.හැබැයි බැලූ බැල්මට රටේ රාළට නං පේන්නේ මේක රාජපක්ෂලාගේ සහ මහාචාර්ය උතුරාවල ධම්මරතන හාමුදුරුවන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කිරීමක් හැටියටයි.මේ පත්කිරීම තුලින් පොහොට්ටුව තවදුරටත් ඉතිහාසයට අයිති වැඩවසම් දේශපාලන පක්ෂයක් මිසක නූතන ලෝකයත් එක්ක එකට යන්න පුළුවන් දේශපාලන පක්ෂයක් නොවන බව ඔප්පු වුනා.

රාජපක්‍ෂලාගේ දේශපාලනය ඇතුලේ ලැජ්ජ,බය තියෙන්න විදිහක් නෑ.හැබැයි බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් සහ ජේෂ්ඨ මහාචාර්යෙක් උන උතුරාවල ධම්මරතන හාමුදුරුවන්ටත් එහෙම එකක් ගෑවිලාවත් නොතිබීම කණගාටුදායකයි.උන් වහන්සේ රාජපක්‍ෂලාගේ අනුගාමිකයෙක් වෙමින් බුද්ධ චීවරයට උඩින් සාටකය දාගැනීම ඇත්තටම ලැජ්ජා සහගතයි.එජාපයට සහ ජවිපෙට අපට මොන දේශපාලන විවේචනය තිබුණත් මේවගේ මෝඩ තීරණ එයාලා අරන් නෑ.2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප ජාතික ලයිස්තුවට භික්ෂුන් වහන්සේලාගේ නම් කීපයක් යෝජනා වෙලා තිබුණා.මහාචාර්ය දඹර අම්ල හාමුදුරුවන්ගේ නමත් ඒ අතර තිබුණා.දඹර අමිල හාමුදුරුවොත් එජාපෙ ජාතික ලයිස්තුවට රිංගන්න මාර ට්‍රයි එකක් දුන්නා.හැබැයි රනිල් ඒ යෝජනාවට එකඟ වෙලා තිබුණේ නෑ.ජවිපෙ ජාතික ලයිස්තුවටත් අවස්ථා කීපයකදීම භික්ෂූන් වහන්සේලාගේ නම් යෝජනා වෙලා තිබුනත් එදා ඡවිපෙ දේශපාලන මණ්‌ඩලය ඒවාට එකඟ වුනේ නෑ.ඇත්තටම ඒ තීරණ දෙකම හරි.

ආගමික ශාස්තෘවරුන්ට අදාල ගෞරවය දක්වන එකට අපි කිසිම විරුද්ධවයක් නෑ.හැබැයි ආගම පක්ෂ දේශපාලනයත් එක්ක පටලවන දේශපාලනයට රටේ රාළ එකඟ නෑ.රොහණ විජේවීරගේ ජවිපෙ ප්‍රතිපත්ති උනේ ආගමයි, රාජ්‍යයයි දෙක එකිනෙකට පටලවන දේශපාලනය වැරදියි කියලයි.ජාතිවාදය සහ ආගම්වාදය දේශපාලනය බවට පත්කරගෙන මේ රට ඉස්සරහා නටපු දේශපාලන නාඩගම් පහුගිය කාලේ ඕනි තරම් දකින්න තිබුණා.ඒ කණ්ඩායම් අතර ඉදිරියෙන්ම හිටියේ රාජපක්ෂලා. හැබැයි ඒ දේශපාලනයට රාජපක්ෂලා වගේ මේ රටේ ආගමික සංස්ථාවත් වගකියන්න ඕනි.අද අපේ රටේ බහුතරයක් භික්ෂුන් කරන්නේ තමන්ගේ සාස්තෘවරයානන් වන බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම සම්පුර්ණයෙන්ම නොසලකා කටයුතු කිරීමක්.ඒ වෙනුවෙන් එයාලා ආගමික දේශපාලන නිකායන් හදාගෙන තියනවා.බුදුන් වහන්සේ කියාදීලා තියෙන්නේ සියල්ල අත්හරින්න කියලයි.

අවසානයේ ඉපදීමත් නතර කරගෙන සසර ගමන නවත්වගන්න කියලයි.හැබැයි උන් වහන්සේගේ අද මෙරට ගෝල හිමිවරුන්ගෙන් බහුතරයක් මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නය කාටත් තියනවා?ඒ සියලු දෙනා නොකරන්නේ සසර ගමන කෙටි කර ගැනීමට අදාල වැඩේ විතරයි. අද රටේ රාළ කියන මේ භික්ෂු පරපුර තමයි රටේ කාමභෝගීම ජීවිත ගත කරන්නේ.රටේ තියන හොඳම මන්දිර තියෙන්නේ අපට අත්හැරීම උගන්වන සාදුලාට. ඇත්තටම ඒවා පන්සල් නෙවෙයි පන්සල් මාලිගා.මේ රටේ මිනිස්සු පහුගිය කාලේ විදුලි බිල ගෙවාගන්න බැරිව දුක්විඳින කොට හාමුදුරුවරු පාරට බැහලා අරගල කළේ පන්සලේ ලයිට් බිල අඩු කරගන්න.රටේ රාළ කියන පන්සල් මාලිගාවල අය තමයි එතන හිටියේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආගමික නායකයෝ තරම් වරප්‍රසාදවලට දේශපාලනඥයින්ට ආවඩපු පිරිසක් තවත් නැති තරම්. විවිධ දේශපාලන කුමන්ත්‍රණ උඩට හේන්න ආගම පාවිච්චි කළා. කැළණියේ නයා කියන්නේ ඒකට හොඳ උදාහරණයක්.

ඔහොම උදාහරණ කොච්චර තියනවද?ඒවට සම්බන්ධ චීවරධාරීන් කොච්චර ඉන්නවද?රටේ රාළ නම් වශයෙන් නොකිව්වත් කමෙන්ට්ස්වලින් ඒ නම් ටික එයි.පොදුවේ ගත්තොත් අද ලාංකීය බෞද්ධ හික්ෂුන් බහුතරයකගේ මඟ පෙන්වන්නා බවට තක්කඩි දේශපාලනඥයෝ පත්වෙලා.එහෙම නොවන ගෞරවණිය ස්වාමීන් වහන්සේලා අත ලොස්සක් මේ සමාජයේ තවමත් ඉන්නවා.මේ විවේචනය උන් වහන්සේලාට අදාළම නෑ.මේ වගේ අර්බුදකාරී තත්වයක් යටතේ දේශපාලන පක්ෂයක සභාපතිත්වය භික්ෂුන් වහන්සේ නමක් බාර ගැනීම කොච්චර නං අමන මරි මෝඩ වැඩක්ද?උන් වහන්සේ මහාචාර්යවරයෙක්. ඉගෙන ගත්ත මනුස්සයෙක්. වර්තමාන සමාජය සම්බන්ධ කියවීමක් උන් වහන්සේටත් ඇති. මේ සමාජය ඇත්විඳලා ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙවල් ගොඩක් දැන් තියනවා.උන් වහන්සේ පිටුපෑවේ ඒ සමාජ සත්‍යයන්ට.රාජපක්‍ෂලාගේ දුෂිත පාලනය ගැන රටම දන්නවා. රාජපක්‍ෂලාගේ පවුල්වාදය ඥාති සංග්‍රහය ගැන ලෝකයම දන්නවා.

ඒ වගේම රාජපක්‍ෂාගේ අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය කියන්නේ ශිෂ්ඨ ලෝකය හෙලා දැකපු එකක්.ජාත්‍යන්තර වශයෙන් රාජපක්‍ෂලාට ආර්ථික ඝාතන චෝදනා එල්ල වෙලා තියනවා.අද ලාංකීය සමාජය කියන්නේ රාජපක්‍ෂලා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන සමාජයක්.ඇත්තටම රාජපක්‍ෂලාට තවමත් එලියට බහින්න බෑ.ඉතින් එහෙම දේශපාලන තක්කඩි රැලකට රැකවරණය දෙන්න තමන්ගේ මහාචාර්ය පට්ටම පාවිච්චි කරනවා නම්,බුද්ධ චීවරය පාව්චි කරනවා නම් වතුරාවල ධම්මරතන හාමුදුරුවොත් අයිති රටේ රාළ කියන කිළිටි ආගමික දේශපාලන නිකායටම තමයි. ඇත්තටම මොකද්ද මේ ධම්මරතන හාමුදුරුවෝ කරන්න හදන්නේ?උන් වහන්සේ පොහොට්ටුවේ සභාපති කරගෙන මොකද්ද රාජපක්‍ෂලා කරන්න හදන්නේ.රටේ රාළ මීට කලින් කිව්වා නාමල්ගේ දේශපාලනයට අපි විරුද්ධ උනත් නාමල්ගේ දේශපාලන ආගමනයට අපි විරුද්ධ නෑ කියලා.

හැබැයි නාමල් එන්නේ වැඩවසම් සාටකය කරේ දාගෙන නම්,තව දුරටත් නාමල්ලාගේ දේශපාලන ගමන වෙනුවෙන් බුද්ධ චීවරය අවභාවිතා කරනවා නම්.කොටින්ම කියනවා නං මහින්ද ගිය වැඩවසම් අඩි පාරේම නං නාමල් යන්නේ නාමල්ගේ දේශපාලනයත් තියෙන්නේ ගල් යුගයේම තමයි. ඒක සංවර්ධන වෙන්නේ නැති වැඩවසම් මෙවලමක්.රටේ රාළ කියන්නේ නාමල්ට දේශපාලනයේ තවදුරටත් ඉන්න ඕනි නම් ඔය තාත්තිගේ සහ බාපාපිලාගේ වැඩවසම් දේශපාලන හැව ගලවලා දාන්න ඕනි.ඇත්තටම නාමල්ට වැඩවසම් සාටකය ගලවන්න බැරිනම් නාමල් වර්තමාන දේශපාලනට සුදුසු නෑ. රාජපක්ෂලාට නැවත පාර කපන්න ධම්මරතන හාමුදුරුවෝ බාර ගත්ත නිවට දේශපාලන කොන්ත්‍රාත්තුවට මේ රටේ බෞද්ධ ජනතාව විරුද්ධ වෙන්න ඕනි.ඒ හයිය අපේ රටේ ත්‍රෛයි නිකායික මහා සංඝ රත්නයට තියෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.රාජපක්‍ෂලා මේ නැවත ගේන වැඩවසම් චින්තනය මේ රටට මොකටද?

මේක මේ රටේ සංවර්ධනයට, ජාතික සමගියට,ජාතික එකඟතාවලට,දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට බාධාවක්.රාජපක්‍ෂලා එක්ක එකට තියලා මේ ආගමික දේශපාලන නිකාය පරද්දන්න ඕනි.මීට කලින් ඔය ආගමික දේශපාලන නිකාය මේ රටට කරපු විනාශය සුළු පටු නෑ.ඒ වගේම බෞද්ධ දර්ශනයට සහ අපේ රටේ සංස්කෘතියට කරපු විනාශයත් සුළු පටු නෑ.මේ රටේ ජාතිවාදය,ආගම්වාදය පතුරවන්න මුල් වෙන්නේ මේ ආගමික ස්වරූපයෙන් එන දේශපාලනයයි. දැන් අපි රටක් විදිහට ඉන්නේ අලුත් වෙන්න ඕනි කාල පරිච්ඡේදයක.අද ඊට ප්‍රධාන බාධාව බවට පත්වෙලා තියෙන්නේ මේ රට වෙලාගෙන ඉන්න තක්කඩි දේශපාලනය,රාජ්‍ය යාන්ත්‍රණය,වෘත්තීය සමිතියි.ඒ වගේම ඒකට තියන ඊළග ප්‍රධාන හතුරු කණ්ඩායමක් බවට ආගමික දේශපාලන නිකාය පත්වෙලා තියනවා.මේ තත්ත්වය පාරාජය කරන්න ඕනි.ලාංකීය සමාජ පරිහානියට සෘජුවම මේ කණ්ඩායම් සම්බන්ධයි.

ඒ විනාශයේ මූලික වගකිව යුතු කණ්ඩායමක් වන රාජපක්‍ෂලා හිතාගෙන ඉන්නවා නං පොහොට්ටුවේ ඉස්මුදුනේ හාමුදුරු කෙනෙක් වාඩි කලහම එයාලට තියන සමාජ විරෝධය නැතිවෙයි කියලා එහෙනම් ඇත්තටම රාජපක්‍ෂලාට වැරදිලා. පොහොට්ටුවට ලොකු වැරදීමක් වෙලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan