*
Friday, March 29, 2024
spot_img

Latest Posts

විපක්ෂ නායකගෙන් රජයට ප්‍රශ්න පත්‍රයක්

කොළඹ (LNW): ජාතික වැදගත්කමක් ඇති ගැටලු කිහිපයක් කෙරේ අවධානය යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයයන් අපේක්ෂා කරන බව පවසා සිටියි.

ස්ථාවර නියයෝග 27(2) යටතේ අද (25) දිනයේ විපක්ෂ නායකවරයා විසින් අසනු ලැබූ ප්‍රශ්න:

ආණ්ඩුව ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල්‍ (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මාසයේ දී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව වාර්තා වූ අවස්ථාවේ සිටම, එම ගිවිසුයම් අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුව හමුවේ තබන ලෙස අප විසින් බොහෝ අවස්ථාවන්හිදී රජයෙන් ඉල්ලීම් කරනු ලැබීය. එහි අරමුණ වූයේ, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එසේ වුවද, ආණ්ඩුව ඒ කිසිදු ඉල්ලීමක් පිළිබඳව නොතැකූ අතර 20වැනි දින විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමි වන තෙක් කිසිදු තොරතුරුරක් මෙරට ජනතාවට දැනගැනීමට ඉඩ නොලැබුණි.

ආණ්ඩුයේ යම් විනිවිදභාවයෙන් තොර වූ හැසිරීම අප තරයේ ප්‍රතික්යෂ්ප කරන අතර තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුුතු කිරීමද කණගාටුවට කරුණකි.

ඒ අනුව, රටට නිර්ව්‍යාජ පිළිතුරු අවශ්‍ය වන මෙවන් අවස්ථාවක පහත්‍ සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදි කිරීම රජයයන් බලාපොරොත්තු වෙමි.

  1. ශ්‍රීලංකා ජාතික ණය ප්‍රතිවුහගත්කරණ ක්‍රියාවලිය තුළ යේශීය ණය අංශ්‍ය ඇතුළත් නොකරනු ඇත්තේය යන කරුණ මුදල් රාජය අමාත්‍යවරයා හා මහ බැංකු අධිපතිවරයා විසින් නැවත නැවත්‍ත් අවධාරණය කරනු ලැබුවා. මෙසේ සිදුකරන ලද්දේ ප්‍රතිවුහගත්‍කරණ ක්‍රියාවිය තුළට යේශීය ණය ඇතුළත් කිරීම මඟින් අපයේ ජනතාව වෙත් හානිකර ප්‍රතිවිපාක ඇතිකරනු ඇත්තේය යන කරුණ රජය විසින් හොඳින් දැන සිටි බැවින් නොවේද? මෙම සහතිකයන් අවංකව හා සත්‍යවාදීව සිදු කරන ලද්දේද?
  2. ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියන් දේශීය ණය නිදහස් නොකරන බව පමණක් නොව,මෙම මස අවසානයට ප්‍රථම දේශීය ණය ප්‍රතිවුහගතකරණයට අදාළ විස්තීරණ සැලසුම් අවසන් කළ යුතු බවටද මහ බැංකු අධිපතිවරයා විසින් වර්තමානයේදී සිදුකරනු ලබන සෘජු ප්‍රකාශ්‍යන් තුළින් ඉස්මතුවන පරස්පර ත්‍ත්ත්වය පිළිබඳ ආණ්ඩුව පැහැදිලි කරන්නේ කෙසේ ද?
  3. රුපියල් ට්‍රිලියන 13ක අති විශාල දේශීය ණය ප්‍රමාණයක් පවතින අවස්ථාවක, භාණ්ඩාගාර බිල්ලපත් මඟින් ප්‍රතිවුහගතකරණ කටයුුතු ආරම්භ කරන බවට රජය විසින් කරනු ලබන ප්‍රකාශයන් ගම්‍ය වන කරුණු කවරේද? ආණ්ඩුව මීට පෙර සිතා මතා සැඟවීමට කටයුුතු කරන ලද්දේ මන් ද?
  4. වැඩකරන ජනතාවගේ විශ්‍රාමික ජීවිතය දුෂ්කර හා බරපතල තත්ත්වයකට පත් වන පරිදි, ඔවුන්ගේ ඉතුරුම් බොහෝ සෙයින් සිඳීයාමකට ලක්වන අයුරින් සේවක අර්ථසාධක අරමුදලට (Employee Provident Fund -EPF) ආණ්ඩුව අත තැබීමක් සිදු නොකරන බවට සහතික විය හැකිද?
  5. රජයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව හා පුද්ගලික බැංකු ඇතුළු සමස්ත දේශීය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය කෙරෙහි ඇති විය හැකි අපේක්ෂා කරන ප්‍රතිවිපාක කවරේද?
  6. වැඩ සටහනේ ප්‍රධාන අංග ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රබල සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපනය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැහැදිලි අනතුරු ඇගවීමක් සිදුකර ඇත. ඒ අනුව මෙරට දුගී ජනතාවට එල්ල වන හානිකර ප්‍රතිවිපාක සමනය කිරීම සඳහා රජයේ විසින් ගෙන ඇති ප්‍රායෝගික ක්‍රියා මාර්ග කවරේද?
  7. එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය සාධකයක් වන විදුලිය හා ජලය විසන්දි කිරීම මගින් මේ දක්වා බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද? එළඹෙන මාස වල දී අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලට තවදුරටත් කුමන ආකාරයේ අවාසනාවන්ත තත්ත්වයන් විඳදරා ගැනීමට සිදුවේද?
  8. රජය විසින් 2019 නොවැම්බර් ජනාධිපතිවරණය හා 2020 අගෝස්තු පාර්ලිමේන්තු මහ මැතිවරණය අවස්ථාවන්හිදී ජනතාව වෙත ලබා දෙන ලද මුළුමනින්ම ප්‍රති විරුද්ධ සහතිකයන් සමගින් මෙම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාමාර්ගය ගළපනුයේ කෙසේද?
  9. හම්බන්තොට තෙල් පිරිපහදුව ආශ්‍රිත සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉදිරිපත්ව සිටින බොහෝ සමාගම් වල නිපුණත්වයේ හා හැකියාවේ දුර්වලත්වය හා අසතුටුදායක කාර්ය සාධනය සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන බරපතළ චෝදනාවන් පිළිබඳ රජය දැනුවත් ව සිටින්නේ ද?
  10. පසුගිය ගනුදෙනුවල අසතුටුදායක වාර්තාවන් සලකා බලමින් රජයේ සම්පත් අන්සතු කිරීම සම්බන්ධයෙන් පූර්ණ අවංකත්වය හා විශ්වාසනීයත්වයෙන් යුතුව පවත්වාගෙන යනු ලබන බවට හා මෙම ගනුදෙනුව ආශ්‍රිතව සිදුවිය හැකිය. අයථා ක්‍රියා/ මූල්‍ය වංචා වැළැක්වීමට රජය විසින් ගනු ලබන පියවර කවරේද?
  11. ආර්ථිකය ස්ථායිකරණය සමාජ ආරක්ෂණ ජාලය ක්‍රියාත්මක කිරීමේදී සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී නිවැරදි දත්ත ලබා ගැනීම වඩා වැදගත් වේ. මෙරට ජන සංගණනයක් අවසන් වරට සිදු කර ඇත්තේ 2012 වසරේදී වන අතර එම දත්ත ද සම්පූර්ණයෙන් වෙනස් ව ඇති බව රජය පිළිගන්නේ ද ? එසේනම් නව ජන සංගණනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදාද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan