එක්ස්ප්‍රස් පර්ල් ගැන අපි කතාකරද්දි අපිව විහිළුවට ලක් කරමින් වන්දි වෙනුවට පගා ගහලා – විපක්ෂ නායක

Date:

හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදුවී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් ඉන් පසුත් අවස්ථා ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සහ පුවත්පත් නිවේදන නිකුත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද හැමෝගේම ජනප්‍රිය මාතෘකාව මෙය වුවත් මේ ගැන මුල් අවදියේ සිටි කතා කරන විට බහුතරයක් දෙනා මෙය සමච්චලයට ලක් කළ බවත් එහි ප්‍රතිඵල මේ වන විට අප විඳිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අයි.එම්.එෆ් එකෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ට වඩා මෙමගින් සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් බවත් ය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ දක්ෂ පක්ෂ සුහුරු ආණ්ඩුවක් නිර්මාණය වූ බවට පැවසුවත් මේ රජය මේ වන විටත් ක්‍රියාත්මක කරන්නේ රට පාවා දුන් ගජ මිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන රාජ්‍ය පාලනයක් බවත් ඔවුන් මෙම ව්‍යසනයෙන් පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් පගා ගත් බවට අධිකරණ ඇමතිවරයා පවා ප්‍රකාශ කළ බවත් මින් ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව සුහුරු ආණ්ඩුවක් වී ඇත්තේ පගා ගැසීමට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මැයි 18ට පෙර නඩුවක් පැවරිය යුතු බවට මීට පෙර තමා කීප වරක්ම ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දී එය සමච්චලේට ලක් කළත් මේ වන විට කාලය ඉකුත් වීමට පෙර එම නඩුව පැවරීමට රජය කඩිමිඩියේ සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වන රජයේ පාර්ශ්වයන්ගේ සාකච්ඡා සඳහා තමා සහභාගී වූ අවස්ථාවල දී තමා ඉදිරිපත් කළ යෝජනා රජය නොසලකා හැරිය බවත් මේ සම්බන්ධයෙන් වන රැස්වීම් විශාල ප්‍රමාණයක් පැවැත්වුවත් රජය කිසිදු පියවරක් නොගත් බවත් මේ හේතුවෙන් රටට හිමිවිය යුතු ඩොලර් වන්දි විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවධානමක් ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

නිවැරදි නායකයෙක් සිටියා නම් මෙය තුළින් රටට වාසිදායක විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔවුන් සිදු කර සිටියේ මේ ගැන කතා කරන විට සමාජ මාධ්‍ය හරහා හාස්‍යයට ලක් කිරිම බවත් මේ අකර්මන්‍ය පිළිවෙත ගැන විශාල සැක සංකාවක් ඇති වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රාජ්‍ය බලයට වඩා පගා බලය වැඩි වී ඇති බව යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය