*
Monday, May 20, 2024
spot_img

Latest Posts

උසස් අධ්‍යාපනයට පත්කරපු කාරක සභාවේ වාර්තාව දෙන්නත් කලිං ආයතන ගාස්තු අය කළ යුතු බවට කැබිනට්ටුව තීරණය කරලා ඉවරයි

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): විශ්ව විද්‍යාල පද්ධතියේ තිබෙන ගැටළු නිරාකරණය කරනු වෙනුවට ආණ්ඩුවේ අවශ්‍යතාවය වී තිබෙන්නේ එම වගකීමෙන් කෙසේ හෝ මිදීමට බවත්, මේ බව උසස් අධ්‍යාපනයේ ගැටළු ඇමතීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවේ වාර්තාව ලබා දීමටත් පෙර උසස් අධ්‍යාපන ආයතනවලින් ගාස්තු අය කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර අවසන් වීමෙන් වඩා පැහැදිලි වන බව ජාතික ජන බලවේගයේ පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දෙයි.

ඒ බව එම මහත්මිය පැවසූයේ අද (25) දින ජාතික ජන බලවේගය විසින් කැඳවූ මාධ්‍ය හමුව අමතමිනි.

ආර්ථික අර්බුදය විසඳීමට දියුණු මානව සම්පතක් අවශ්‍ය වන අතර, දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමට නම් හොඳ අධ්‍යාපනයක් අවශ්‍ය බවත්, එසේ නොකර රට මුහුණ දී තිබෙන අර්බුද විසඳිය නොහැකි බවත් පවසන හරිනි අමරසූරිය මහත්මිය, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය ඉතාම නින්දිත බවත්, ජනාධිපතිගේ ප්‍රකාශ ඔස්සේ අධ්‍යාපනයේ පවතින සැබෑ ප්‍රශ්න යට ගසමින් තිබෙන අර්බුදය තීව්‍ර කිරීමට ඉඩ හැර ඇති බවත් අවධාරණය කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීතුමිය:

“විශ්වවිද්‍යාල පද්ධතියේ කාලයක් තිස්සෙ වර්ධනය වුණු ගැටලු කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා තවත් දැඩි අර්බුදකාරී තත්වයකට පත්වී තිබෙනවා. අවුරුදු 40ක් පමණ පුරා රජය ක්‍රමානුකූලව අධ්‍යාපනයෙන් ඉවත්වෙමින් යනවා. අවශ්‍ය මුදල් ලබා නොදීම එකක්. යහපාලන ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීමට රනිල් වික්‍රමසිංහ එදා එකඟ වුණා. මේ මුදල අවශ්‍ය බවට යුනෙස්කෝ සංවිධානය ප්‍රමිතිගත කර තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක මේ අගයට කිට්ටුකරලා වත් නැහැ. දකුණු ආසියාවේ අධ්‍යාපනය වෙනුවෙන් අඩුවෙන්ම ආයෝජනය කරන රට බවට ලංකාව පත්කර තිබෙනවා. මේ මූලිකම කරුණු කෙරෙහි අවධානය යොමු නොකර අධ්‍යාපන අර්බුදයේ තරම තේරුම් ගන්න බැහැ. අධ්‍යාපනයට කරන ආයෝජනයෙන් රජය ඉවත්කර පෞද්ගලික ක්ෂේත්‍රයට ඍජුවම ආයෝජනයට යොමු කරන අතරම අනෙක් පැත්තෙන් දෙමාපියන් මත මේ බර පටවමින් සිටිනවා. ටියුෂන්, පුද්ගලික පාසල්, පුද්ගලික විශ්වවිද්‍යාලවලට ප්‍රමුඛත්වයදී තිබෙන්නේ පැවති සහ පවතින ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තිය නිසයි. එක් එක් ආයතනවලට පවතින න්‍යාය පත්‍ර අනුව අධ්‍යාපනය ගොඩනඟා ගැනීමට ඉඩදී රජය වගකීමෙන් ඉවත් වෙමින් යනවා.
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිම මැදිහත් වීම සිදුකරන්නේ ලෝක බැංකුව. යම් රටක අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ඒ රටේ පවතින සංදර්භයන් තේරුම් ගනිමින්. පොදු අරමුණක් සහ දිගුකාලීන දැක්මක් සහිතව මේ ප්‍රතිපත්ති සකස් කළ යුතු වෙනවා. නමුත් මේ දක්වා පැවැති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අධ්‍යාපන කොමිෂන් සභාව පවා නොසලකා හරිමින් ආණ්ඩුව කටයුතු කරමින් යනවා. ජාතික අධ්‍යාපන ආයතනයත් නොතකා කටයුතු කරමින් යනවා. මේ නිසා පවතින ආයතනික ව්‍යුහයන් පවා සම්පූර්ණයෙන්ම කඩා වැටී දියාරුවීමට ඉඩ හැර තිබෙනවා. ඒ අතර පසුගිය අවුරුදු දෙක තුළ විශේෂයෙන් කෝවිඩ් වසංගතය තුළ ඇති වූ ප්‍රශ්න සහ ආර්ථික අර්බුදය හමුවේ ඇති වූ ප්‍රශ්න ගැන ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ.”

“ජාතික අධ්‍යාපන ආයතනයෙන් තුන වසරේ දරුවන්ගේ ඉගෙනුම් නිපුණතා පිළිබඳ පර්යේෂණයක් සිදුකර තිබෙනවා. තුන වසරේ දරුවන්ගෙන් 13%ක් ආහාර වේල් දෙකක් ලබාගන්නා බවත් ඒ අතර සමහර දරුවන්ට එක වේලක් ලැබෙන බවත් සඳහන් වී තිබෙනවා. දරුවන්ගෙන් 23%ක් ආහාර සම්බන්ධයෙන් විශේෂ අවශ්‍යතාවයන් ඇතිව තිබෙනවා. ඒ වගේම තුන වසරේ ළමුන්ගෙන් 94%කගේ සාක්ෂරතාවය සම්බන්ධයෙන් තිබිය යුතු නිපුණතාවය නැති බව හෙළිවී තිබෙනවා. 93%ක් ගණිතය පිළිබඳ අවශ්‍ය නිපුණතාවය සම්පූර්ණ කර නැහැ. මේ තත්වයට මුහුණ දෙන්න ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. පෝෂණය, පවුල් පරිසරය සහ පාසල් පද්ධතියේ අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍ය ආකාරයට සම්පූර්ණ වන්නේ නැහැ. ආණ්ඩුව මේ වගකීම් පැහැර හැරීම පාසල් සම්බන්ධයෙන් වගේම විශ්වවිද්‍යාලවලටත් එකසේ අදාළයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වගේම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් අසංවේදී ලෙස ක්‍රියාකරමින් සිටිනවා. ඒ අතර වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් ඇති කිරීමට ප්‍රචාරයන් දියත් කර තිබෙනවා.”

“උසස් අධ්‍යාපනයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබුණත් එහි අරමුණ වෙලා තියෙන්නේ ආණ්ඩුව මේ වගකීමෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන දිශාවට යොමුකිරීමයි. මේ බව පැහැදිලි වන්නේ මේ කාරක සභාවේ වාර්තාව ලබාදීමටත් පෙර කැබිනට් මණ්ඩලය විසින් උසස් අධ්‍යාපන ආයතන ගාස්තු අයකළ යුතු බවට තීරණය කර තිබීමෙන්. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, විවෘත විශ්විවිද්‍යාලය, වෘත්තීය සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරී වැනි සියලු ආයතනවල මුදල් අයකිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. රජයේ මේ විශ්වවිද්‍යාල මුදල් අයකරමින් පවත්වාගෙන යායුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර අවසන්. ආර්ථික අර්බුදය විසඳන්න දියුණු මානව සම්පතක් අවශ්‍යයි. දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමට නම් හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. එසේ නොකර මේ රට මුහුණ දී තිබෙන අර්බුද විසඳිය නොහැකියි. ආණ්ඩුව මේ වෙලාවේ කරන වැඩේ ඉතාම නින්දිතයි. ජනාධිපති ප්‍රකාශවලින් අධ්‍යාපනයේ පවතින ඇත්ත ප්‍රශ්න යට ගසමින් තිබෙන අර්බුදය තීව්‍ර කිරීමට ඉඩහැර තිබෙනවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan