*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මේ පාර දාලා තියෙන කොන්දේසි අපි ලොකු අනතුරකට ගෙනියනවා – චරිත හේරත්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිදහස ජාතික සභාව අමතමින් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසූවේ අපේ රටේ ඇතැම් කාරණා IMF අවසර නොමැතිව සිදුකිරීමට නොහැකි තත්ත්වයකට ඉදිරියේදී පත්වන බවත් , මෙවර IMF කොන්දේසි අප ලොකු අනතුරකට ගෙනයන බවයි .

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“රට අර්බුදයකට යමින් තිබෙන්නේ එක ඉතාම පැහැදිලි කාරණාවක් ඇතැම් පිරිසක් මේ බව නොදත් ආකාරයෙන් හැසිරීම තමයි පුදුමය .

මේ දවස් කීපය තුළ IMF එකඟතාව ගැන පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වෙනවා .
එහිදී නිදහස ජනතා සභාව විදිහට අපි අපේ ස්ථාවරය පැහැදිලි ව රටට කියනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආර්ථික අර්බුදය ජය ගන්න කරපු කිසිම දෙයක් නැහැ.
වික්‍රමසිංහ රාජපක්ෂ රජයන්හි ප්‍රතිඵලයක් තමයි අද මේ රටේ ජනතාව භුක්ති විඳිමින් තිබෙන්නේ.

2008 අවුරුද්දේ ISB බැඳුම්කර සීග්‍ර විදිහට ලබා ගැනීම ආරම්භ කරා. ඉන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2015 2019දී බිලියන 12 ක් ණය අරගෙන රට බිත්තියටම හේත්තු කළා .
2022 අලි සබ්‍රි මැතිතුමායි නන්දලාල් මහත්තයයි එකතුවෙලා රට බංකොලොත් කර ප්‍රකාශ කළා. මේ සිද්ධි මාලාව ගැන වික්‍රමසිංහ රාජපක්ෂ රජයෙන් සෘජුව වගකිව යුතුයි.
මේ ආර්ථිකය වෙනුවෙන් රනිල් රනිල් වික්‍රමසිංහ කරපු හාස් කමක් නැහැ.

රටට එන සීමිත ප්‍රේෂණ ටික කළමනාකරණය කරමින් තෙල් ටික බෙහෙත් ටික ගේන අතරේ තවමත් ආනයන තහනම දිගටම ක්‍රියාත්මක කරමින් යන්තම් ජාමේ පිරිමහ ගන්නවා ඒ ඇරෙන්න වෙන වික්‍රමයක් මේකඇතුලෙ නෑ .
රනිල් වික්‍රමසිංහ උනාට කිසිම වික්‍රමයක් ආර්ථිකය ඇතුලේ ඔහු කරලා නෑ .

මේක නොදන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිසිම දෙයක් තේරෙන්නැති පොහොට්ටු මන්ත්‍රීවරුන් මේක අගය කරමින් කතා කරනවා .
නමුත් මේ බොරුවට පුම්බපු බැලූමේ ඒ හුළං අපි ලඟදිම බස්සනවා. රට ආර්ථික වශයෙන් දැඩි අසනීප තත්ත්වයක පසුවන නිසා යම් බෙහෙතක් ඒකට අවශ්‍යයි.

නමුත් ඇතැම් බෙහෙත් තියෙනවා දුන්නාට පස්සෙ ලෙඩා ඉන්න තත්වෙනුත් අමාරු අඩියකට වැටිලා මැරිලාම යනවා .අද වෙමින් පවතින්නේ ඒ වගේ දෙයක් . ඒ වගේ රටට දැඩි අහිතකර අයි එම් එෆ් කොන්දේසි තමයි මේ ගෙනල්ලා තියෙන්නේ . අපේ රටේ ඇතැම් කාරණා IMF එකෙන් අහන්නැතුව කරන්න බැරි තත්ත්වයක් ඉදිරියට එනවා.

මේ පාර දාලා තියෙන කොන්දේසි අපි ලොකු අනතුරකට ගෙනියනවා. පසුගිය දාසය වතාවේම මෙහෙම තත්ත්වයක් දකින්න නැහැ
ඒ නිසා මේ පිළිබඳව අපේ ස්ථාවරය අපි කියන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි විවාදවලදී.

ඒ වගේම පහුගිය දවස්වල පොහොට්ටුවේ පැවැත්වුණු මහා සභාව ගැනත් කියන්න ඕනේ
මේක මේ ගමේ මරණාධාර සමිතිය වගේ සභාපතිකම් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේකට ව්‍යවස්ථාවක් තියෙනවා .
අනික අපිට මේ සභාපති කම හෝ මේකේ තනතුරු වැඩක් නැහැ වටින්නෙ නැහැ. නමුත්
හේතුවක් තියෙනවා. ඒ තමයි අපි ඔක්කොම එකතු වෙලා ජනතාවත් එක්ක සම්මුතියකට එළඹුණා. ඒ සම්මුතිය ඕන ඕන විදිහට කඩන්ඩ අපි දෙන්නෑ ඒකයි අපිට තියෙන වැදගත්කම .

අපේ සම්මුතිය අපි ආරක්ෂා කරගෙන ඒක ජනතාවත් එක්ක අදටත් රැකගෙන ඉන්නවා.
හැබැයි කොටසක් ඒක අරගෙන ගිහිල්ලා රනිල්ගේ කකුල් දෙක ලඟ තියලා ඉවරයි පාවා දීලා ඉවරයි. එහෙම නැතුව අපිට නෙළුම් මාවතේ කාර්යාලෙවත් වෙන පක්ෂවත් අපිට වටින්නෑ .ඒව ඔක්කොම ජනතාව ප්‍රතික්ෂේප කරල ඉවරයි .

තවදුරටත් මේ කිසිවක් තාත්තලගෙ පුතාලගෙ බාප්පලගෙ බූදල විදියට සලකන්නට රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ ඒක ස්ථිරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan