පක්ෂ විනය කඩකල අයගෙන් නිදහසට කරුණු විමසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඔවුන් පක්ෂ විනය කඩකර ඇති බැවින් පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව එසේ තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ , මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බවයි.

ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවද පොදුජන පෙරමුණ පැවසීය.

පසුගිය 05 වැනිදා  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සමගි ජන බලවේගය සමග ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය යන නාමයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...