මේ ගත වෙච්ච විවාද 5දී දැවැන්ත මුදල් ප්‍රමාණයක් රටට අහිමි වුණා – වසන්ත යාපාබණ්ඩාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW):

පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද දින(26) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ පළකළ අදහස්.

” පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වාද විවාද තවදුරටත් අපි දිගින් දිගටම ඇදගෙන යාමේ ඵලක් නැහැ.පාස්කු ප්‍රහාරය ගත වෙලා වසර 5ක් ගත වෙලත් තවම මියගිය සංඛ්‍යාවවත් නිෂ්චිත තොරතුරු නැහැ.පාස්කු ප්‍රහාරයේ අවම වශයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාවවත් තවම නිෂ්චිතව සඳහන් වෙලා නැහැ. විමර්ෂණය කරන්න පත් කරපු විවිධ කමිටු වල විවිධ සංඛ්‍යාවන් සඳහන් වෙනවා.


මේ නිසා මේ කමිටු වලින් ඉදිරිපත් කරන නිර්දේශ ගැන මහජනතාව විශ්වාසයක් ඇති කරන්නේ කෙසේද?පසුගිය ජනාධිපති කොමිසමෙන් කිව්වා මියගිය අයෙකුට රු. මිලියන 2ක ලබාදෙනවා කියලා නමුත් තවම ලබාදීලා තියෙන්නේ මිලියනයක් පමණයි.අබාධිත වූ යට දෙන්නේ රු. 50000 සිට ලක්ෂ 5 දක්වා පමණයි.මේ විවාදය පවත්වපු කාලය තුල පමණක් කෝටි 35ක් අපි මේ පාර්ලිමේන්තුවේ කාබාසිනියා කරලා දැම්මනමි ඒ මුදලත් දෑස් අන්ධ වෙච්ච පාස්කු ප්‍රහාරයේ වින්දිතයකුට ලැබුණ මුදලත් සන්සන්දනය කරලා බලන්න.

මේ ගත වෙච්ච විවාද 5දී දැවැන්ත මුදල් ප්‍රමාණයක් රටට අහිමි වුනා.හන්තාන ඌරාගල වතුයායේ JDB ඉඩම් අක්කර 22ක ඉඩම් මංකොල්ලයක්. මේ වෙනකොටත් කටු කම්බි ගහලා වෙන්කරගෙන. JDB එකේ ලොක්කෝ හොර ඔප්පු ගහලා හන්තාන බෙදාගෙන කන තත්වෙට පත්වෙලා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...