අරලියගහ මන්දිරය අසලට මහ රෑ පොලිස් කුළු – පොලු හමුදාවක් එවයි ! (Photos)

Date:

ඊයේ (25) රාත්‍රියේදී කොළඹ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නියැළී සිටියදී එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයේ විශාල පිරිසක් එවා ඇති බව වාර්තා වේ.

බස් රථ පහකින් පමණ එම කැරළි මර්දන භට පිරිස් එම ස්ථානයට රැගෙනවිත් ඇති අතර පදික වේදිකාව අවහිර වන සේ එම බස් රථ නවත්වා ඔවුන් එහි රැඳී සිටින බව සඳහන්.

අරලියගහ මන්දිරය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය ඊයේ දිනයේදී අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ දරා තිබුණු නමුත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

පොලිසිය මේ ආකාරයෙන් මහ රෑ එම විරෝධතාකරුවන් අසලට කැරළි මර්දන ඒකක එවා තිබුණේ එයින් පසුව ය.

කෙසේවෙතත් විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

May be an image of 11 people, night and outdoors
No photo description available.
No photo description available.
May be an image of 11 people, people standing and outdoors
No photo description available.
May be an image of 1 person
May be an image of 6 people, people standing and road
May be an image of 4 people, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...