හොන්ඩුරාස් හි හිටපු ජනාධිපති ඇමරිකාවට පිටුවහල් කරයි

Date:

එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන නියෝජිතයන් විසින් (US Drug Enforcement Administration agents)හොන්ඩුරාස් හි හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් නිව්යෝර්ක් වෙත රැගෙන ‍ගොස් ඇති අතර එහිදී ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ආයුධ චෝදනාවලට ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවෙන් සිදු කල පිටුවහල් කිරීමේ ඉල්ලීමකට අනුව පෙබරවාරි 15 වන දින ඔහුගේ නිවසින් පිටතදී හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මාස දෙකකට වැඩි කාලයකට පසු හොන්ඩුරාස් පොලිසිය විසින් ඔහුව එරට ටෙගුසිගල්පා ගුවන් තොටුපලේදී DEA(Drug Enforcement Administration agents) නියෝජිතයින්ට බාර දුන්නේය.

නිව් යෝර්ක් හි අධිකරණය විසින් ඔහුට චෝදනා කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඩොලර් මිලියන ගණනක් අල්ලස් ලෙස ලබාගත් බවටයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කුමන්ත්‍රණය සහ ඒ ආශ්‍රිත ආයුධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සඳහා අවම වශයෙන් වසර 40 ක සිරදඬුවමක් නියම කළ හැකිය.Hernández අත්අඩංගුවට ගැනීමෙන් පසු වරද පිළිගනු ඇති බවට සානාථ වෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවටත් ඔහු සඳහන් නොකරයි.

හොන්ඩුරාස් හි හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් ඔහුගේ පළමු ධුර කාලය තුළ වොෂින්ටනයේ ඉහළම සහචරයෙකු ලෙස සැලකේ. එවකට උප ජනාධිපති ජෝ බයිඩන්, කොන්සර්වේටිව් ඇතුළු එක්සත් ජනපද නිලධාරීන්ගේ පැසසුමට ද ඔහු ලක් විය. නමුත් 2017 නැවත තේරී පත්වීමෙන් පසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ප්‍රසාදය ජුවාන් ඔර්ලන්ඩෝ ජනාධිපතිවරයාට අහිමි විය ඇමරිකානු ජනාධිපති බයිඩෙන් පසුගිය වසරේ බලයට පත්වීමත් සමඟ හිටපු ජනාධිපති හර්නාන්ඩෙස්ගෙ සබඳතාවලින් ඈත් වූ අතර, එතැන් සිට නව හොන්ඩුරාස් ජනාධිපති, Xiomara වම නියෝජනය කරන්නට විය. ඇය පසුගිය නොවැම්බර් මාසයේදී මහජන ඡන්දයකින් විශාල තේරී පත් විය. පසුගිය වසර තුන තුළ, හර්නාන්ඩස්ට එරෙහිව එක්සත් ජනපද බලධාරීන් පැහැදිලි සාක්ෂි සහිත නඩුවක් ගොඩනඟමින් සිටින්නට විය.

හර්නාන්ඩෙස්ගෙ සොහොයුරාගේ නඩු විභාගයේ සහ හිටපු ජාතික පොලිස් ප්‍රධානියා වන ජුවාන් කාලෝස් බොනිල්ලාගේ නඩු විභාගයේ දී මේ බව සනාථ විය.එක්සත් ජනපද අධිකාරීන් විසින් හිටපු හොන්ඩුරාස් ජනාධිපති හර්නාන්ඩස්වට නඩු පැවරීමෙන් වැලකී සිටියේ දැනට ධුරයේ සිටින ජනාධිපතිවරුන්ට අධිචෝදනා නොකිරීම එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියක් නිසා ය. නමුත් හිටපු ජනාධිපතිවරයා ඔහුගේ කාර්යාලයෙන් ඉවත් වී පැය කිහිපයක් ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ෙනිකුත් කරන ලද අතර සති තුනකට පසුව ඔහුව පිටුවහල් කිරීමේ ඉල්ලීම හොන්ඩුරාස් වෙත යවන ලදී.

හිටපු ජනාධිපති හර්නාන්ඩස් එක්සත් ජනපදයට පිටුවහල් කරන ලද 30 වැනි හොන්ඩුරාන් ජාතිකයා වේ.මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට එක්සත් ජනපදයට පිටුවහල් කරන ලද ලතින් ඇමරිකනු කලාපයේ පළමු හිටපු ජනාධිපතිවරයා වන්නේ ද හර්නාන්ඩස් ය.

SAHAN HEWAGAMAGE OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...