අරලියගහ මන්දිරය ඉදිරිපිට මහින්දාගෝගම ලෙස නම් කර ක්රියාත්මක කරන ජන අරගලයට, අධිකරණ තීන්දුවට පිටින් යමින් පොලීසිය කරන බලපෑම් සැළකිල්ලට ගෙන අද දිනයේ එම විරෝධයට නීතිඥවරුද එක්වෙනු ඇත.
ඒ සම්බන්ධයෙන් LNW වෙත අදහස් දැක් වූ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ අධිකරණය විරෝධතාකරුවන්ට එරෙහිව තීන්දුවක් නොඳුන් පසු,පොලීසිය වෙනත් මාර්ගවලින් එයට බලපෑම් කිරීමට යාම අධිකරණය නොතකා හැරීමක් බවය.මේ් මොහොතේ නීතිඥවරු වශයෙන් එම අරගලයට ශක්තිය දීම පිණිස අද දින නීතිඥවරු සිය වෘත්තිය ඇඳුමෙන්ම එම විරෝධතාවයට සහභාගිවන බවද නීතිඥ සේනන පෙරේරා පෙන්වා දුන්නේය.
RM