*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

20 ඕනේ නෑ කියල ආණ්ඩුවම දැන් පාරාජය පිළිඅරන් ඉවරයි – මනෝ (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවම යෝජනා කර තිබීමෙන් ඔවුන් විසින්ම පරාජය භාර ගෙන ඇති බව තහවුරු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (26) දමිළ ප්‍රගතිශීලි සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

සමඟි ජන බලවේගය ලෙස මේ වන විටත් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන යෝජනාව කථානායක වෙත භාර දී ඇති අතර ආණ්ඩුව තුළින්ම එය ඉදිරිපත් වන්නේ නම් කළ යුතු වන වෙනස ඉක්මන් වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් 20 වෙනි සංශෝධනය වහාම ඉවත් කළ යුතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර එලඹෙන 28 වැනි දින ක්‍රියාත්මක සමස්ත ලංකා මහා වැඩවර්ජනයට වැඩ කරන ජනතාවගේ සහය ලබා දෙන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan