සති දෙකක් තුළ සුඩානයේ උතුරු ඩාර්ෆූර්හි සිවිල් වැසියන් 480 කට වැඩි පිරිසක් මිය යයි -UN

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙකක කාලය තුළ සුඩානයේ උතුරු ඩාර්ෆූර් කලාපයේ සිදු වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 480 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඊයේ(25)දිනයේදී නිවේදනය කර තිබුණේ, අප්‍රේල් 10 වන දින සිට උතුරු ඩාර්ෆූර්හි අවම වශයෙන් සිවිල් වැසියන් 481 දෙනෙකු මිය ගොස් ඇති බවත්, සැබෑ සංඛ්‍යාව බොහෝ විට බොහෝ සෙයින් වැඩි විය හැකි බවත්ය.

එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සුඩාන ජනතාවගේ දුක් වේදනා සිතා ගැනීමට අපහසු බවත්, තේරුම් ගැනීමට අපහසු බවත්, සිවිල් වැසියන්ගේ ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යාම සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා භයානක බවත්ය.

2023 අප්‍රේල් 15 වන දින අබ්දෙල් ෆට්ටා අල්-බර්හාන්ගේ නායකත්වයෙන් යුත් සුඩානයේ හමුදාව සහ අල්-බර්හාන්ගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් ඩග්ලෝගේ නායකත්වයෙන් යුත් පැරාමිලිටරි ක්ෂනික සහායක බලකාය (RSF) අතර ඇති වූ යුද්ධයේ දී උතුරු ඩාර්ෆූර් ප්‍රධාන සටන් බිමක් බවට පත්ව ඇත.

ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරන සුඩාන යුද්ධය හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්...

රටක් ගොඩනගන එක අමාරුයි පක්ෂයක් හදනවාට වඩා. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු – ටිල්වින් සිල්වා

සටහන - රුවන් නෙළුගොල්ල පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු...

ලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...