සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා ගෙනි)

🍎චීනය ට සම්බන්ධ ආයතනයකින් සිදුකල සමීක්ෂණයෙකිනුත් සජිත් මැතිවරණ සටනේ  ඉදිරියෙන් බව යළිත් තහවුරු වෙයි.

🍎ලංකාවට ආ චීන උප ඇමතිනිය වි : නායක සජිත් හා සජබ සමග පැය 02 ක සාකච්ඡා වට දෙකක් නිමකර ඩො මිලියනයක ආයෝජනයක් ගැන ද එකගත්වය පළකරයි. ජාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් නැති මාළිමාව ඇය ඔවුන් විතරක් හමුවෙන්න ආ බවට දැගලීම විහිළුවක් -සජබ කියයි.

🍎ඉරාන ජනපතිට වි: නායකගේ කිසිදු විරෝදයක් නෑ. එම රාත්‍රී භෝජනයට සජිත් නොගියේ එය දේශපාලනිකව ආණ්ඩුව හා සජබ සම්බන්ධ බවට රටට ප්‍රචාරය කරන සැලසුමක් තිබූ නිසා බව සජබ කියයි.

🍎චීන උප ඇමතිනිය මහර සජබ සංවිධායක ජෝර්ජ් පෙරේරාගේ කාර්යාලයටත් යයි. ජවිපෙ නොදන්න ජාත්‍යන්තර දේශලගපාලනය ගැන දුකයි – සජබ කියයි

🍎පාස්කු විවාදයේදී සජිත් ආණ්ඩුවේ පිළිතුරු එපා කියයි.මාස 06 කින් හදන ආණ්ඩුවෙි බලගතු කොමිසමකින් මහමොළකරුවන්ට දඬුවම් දෙන හැටි තම පියා නමින් දිව්රා කියයි. මා එක්ක ඩීල් දාන්න එන්න එපා කියලත් කියයි.

🍎“වැඩබිමට ශක්තියක්. සමගි රටක් අනගි හෙටක්” සජබ මැයි රැළයට ලක්ෂ 02 ක් ගෙන ඒමේ සූදානමක්.

🍎කුඩා හා මහා ව්‍යාපාර හමුවකට එක්වූ සජිත් එම ගැටලු විසදන හැටි කියමින් නව ව්‍යාපාර මිලියනයක් ඇරඔීමේ තම සැලැස්ම එළිකරයි.

🍎වීරකැටිය ඕකන්දයාය විදුහලට සජිත් – ජලනි ගෙන් ස්මාට් පංතියක්.

🍎නායක විවාදෙට මම සූදානම්. ඒක මම දෙවන වතාවටයි පිළිගත්තේ – සජිත් යළිත් කියයි.

🍎නායක විවාදෙ වගේම පක්ෂ දෙකේ ආර්ථික නමිටු දෙකේ විවාදෙත් අත්‍යවශ්‍යයි – සජිත්

🍎ආර්ථික කමිටු වල විවාදෙ මාළිමාව මඟ අරින්න හැදුවෙ රට හදන වැඩ පිළිවෙලක් මාළිමාවට නැති නිසයි -සජබ කියයි.

🍎පියා දළදාවේ පත්තිරිප්පුවේ දිව්රුම් දුන් අයුරින් සජිත් ජයගත්විට සීගිරියේ දී දිවුරුම් දීමට ඇති හැකියාව සෙවීමට සජබ මාධ්‍ය උපදේශක කැලුම් පාලිත මහීරත්න එහි ගිය බවට ආරංචි පළවේ.

🍎සමගි වනිතා බලවේගයේ මඩකලපු රැළියටත් කාන්තා ජන ගගක්. දුප්පතා ගැන බලන සජිත් දිනවන්න ප්‍රතිඥා.

🍎සජිත් ජනපති එයා අගමැති ලෙස සම්මුතියකට එමුයි ආණ්ඩුවෙ පැත්තෙ පක්ෂයකින් සජබ ට පණිවිඩ ලැබි තියෙනවා – සජබ ජය වෙන අය එක්ක කලවම් කරගන්න අවශ්‍ය නෑ – මහලේකම් රංජිත්.

🍎පාස්කු ප්‍රහාරය සිදුවන විට රටේ ආරක්ෂාව බාරව හිටියේ කවුද කියලත් නොදන්න ජවිපෙ නායකයන් රට ගොඩ ගන්නවා කීමත් ජනතාව පරිස්සමින් තේරුම් ගන්න ඔිනෑ – රංජිත්

🍎විවාදෙට ආණ්ඩුවෙනුත් කට්ටිය ගේන්න හදන්නෙ මාළිමාවට හිතවත් තර්ඩ් අම්පයර් කෙනෙක් ඔින වෙලා ද – කිරිඇල්ල.

🍎සජබෙන් ආණ්ඩුවට පැන්න දෙන්නගෙ නඩුව අහල ඉවරයි. නඩුකාරවරු දෙන්නෙක් තීන්දුව ලිව්වත් එක්කෙනෙක් අදිමදි කරනවා.එයා ඉක්මනින් රාජකාර ඉටු නොකලොත් රටට නම එළිකරනවා – කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කියයි.

🍎නිකරුනේ මිනිසුන් හිරගෙදර ගාල් නොකර මත්ද්‍රව්‍ය මර්දනයට සැබෑ වැඩ පිළිවෙලක් වහාම රටට අවශ්‍යයි – පාඨලී.

🍎ආසියාවේ මුතු ඇටය වන ලංකාව අද මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන තැනක් වෙලා. එය ඉක්මනින් වෙනස් නොකලොත් රටත් අනාගත පරපුරත් විනාශයි – ඉරාන්.

🍎පක්ෂ දෙකම එකතුවෙලා දින තීන්දු කරන්න ඔිනෑ. මාළිමාව තනියම දින තීන්දු කරන්න බෑ. මොකද සජිත් නායකයාට මාළිමා නායකය වගේ නෙවෙයි රටට වැඩ කරන කලින් දින දාගත් වැඩ සටහන් තියෙනවා – නලින් බණ්ඩාර.

🍎මැයි 01දා සජබ අපි ලක්ෂ ගණනක් කොළඹ ගේනවා. ඒක රටට නොපෙන්වා හංගන්න ආණ්ඩුව වලි කනවා, අපට කලින්දීපු ටවුන් හෝල් එක බෑ කියලා. ජවිපෙට ලිප්ටන් දුන්නේ එයාලට ආණ්ඩුවෙ ලොක්කො සමග යටින් ඇති සබදතාව නිසාද – මරික්කාර්.

🍎 මේ රට වනසපු කණ්ඩායම් තුන කොටි ජවිපෙ හා රාජපක්ෂලයි. එයාලට ආපහු අහුවෙන්න එපා – සුජීව.

🍎දක්ෂ තරුණ මිණී නොමරන හොරකම් නොකරන පන්සිල් රකින නායකයෙක් හා දක්ෂම ටීම් එක ඉන්නෙ සජබටයි – සුජීව.

🍎රන්ජන්ට ලොවපුරා රටවල් රැසක සංචාරයට හා ප්‍රසංග වලට ආරාධනා. දුගී දරුවන්ට පරිඝණක ගෙන ඒම අපේක්ෂාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...