සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි හදලා ඉවරයි. දැන් අනිත් පක්ෂ එක්ක සාකච්ඡා කරනවා – ලන්සා

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බවත් අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

“සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි දැන් හදලා ඉවරයි. හෙට (27) සිට අපි මේ රටේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කරනවා. අද ඒ පිළිබඳව ඒකමතිකව තීරණයකට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්තෙන් අස්වෙලා ගියොත් මිසක් ව්‍යවස්ථානුකූලව ඒක විශාල කාර්යභාරයක්. හැබැයි අපි යෝජනා කරලා තියෙනවා ජාතික සභාවකට බලය ගේන්න”

නිමල් ලන්සා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව වී සිටින මන්ත්‍රී කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ කොළඹදී පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විමල් වීරවංශ, අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...